තමිල්නාඩුව වෙන්වෙන්න ඉල්ලයි

887

තමිල්නාඩුව ස්වාධීන රටක් කරන ලෙස ඩී. එම්. කේ. පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් ඒ. රාජා ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීමට පටන් ගෙන තිබේ.

මෙම බෙදුම්වාදී ඉල්ලීම නිසා තමිල්නාඩු භාරතීය ජනතා පක්‍ෂ ප්‍රධානි අන්නමලෙයි ඇතුළු නවදිල්ලි බලධාරීන් දැඩි කැලඹීමකට ලක්ව තිබේ.

ද්‍රවිඩ ස්වාධීන රටකට කාලය එළඹී ඇති බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ඩී. එම්. කේ. පක්‍ෂයේ හදිසි රැස්වීමක් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ස්වාධීන රටක් බිහි කිරීම සඳහා තමිල්නාඩුවට විවිධ බලපෑම් එල්ල කිරීමෙන් වළකින ලෙසය. ඩී. එම්. කේ. නායකයාව සිටි පෙරියර් වෙනම රටක් සඳහා වූ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ අතර එය නතර කර ගැනීමට පක්‍ෂය ක්‍රියා කළ බවද හෙතෙම සඳහන් කළේය. තමිල්නාඩු ඩී. එම්. කේ. නියෝජ්‍ය ලේකම්ගේ තමිල්නාඩුව වෙනම රටක් ඉල්ලීමේ යෝජනාව වරදක් බව භාරතීය ජනතා පක්‍ෂය ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment