තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයලලිතාගේ මරණය ගැන සිව්දෙනකුට චෝදනා

404

නැවත පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි කොමිසම නිර්දේශ කරයි

තමිල්නාඩු හිටපු මහ ඇමැති ජයලලිතාගේ හදිසි මරණය ගැන ඇගේ ඥාතියකු වූ සෂිකලා, පුද්ගලික වෛද්‍ය සිවකුමාර්, හිටපු සෞඛ්‍ය ඇමැති රාධා ක්‍රිෂ්ණා සහ හිටපු සෞඛ්‍ය ඇමැති විජයබාස්කර් වගකිව යුතු බව විනිසුරු අරන්ගම් ස්වාමි කොමිසමට හෙළි කර ඇත.

මේ නිසා අලුතින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ඔහු නිර්දේශ කර තිබේ. 2016 දෙසැම්බර් 05 වැනිදා ජයලලිතා හදිසි හෘදයාබාධයකින් මියගිය අතර ඒ ගැන විවිධ තොරතුරු ප්‍රචාරය විය. ජයලලිතාගේ මරණය සිදුවීමෙන් පසු එය වසන් කරලීමට ඉහත කි පිරිස ක්‍රියාකළ බව කොමිසමට හෙළිදරව් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment