තම බිරිඳගේ අත වෙන්වෙන්නම කපා වසර දෙකක් සැඟවී සිටි සැමියා රිමාන්ඩ්

379

සිය බිරිඳ සමග රණ්ඩුවී ඇයගේ අතක් වෙන්වෙන්නම කැත්තෙන් කොටා පලාගොස් වසර දෙකක් සැඟවී සිටි සැමියකු අත්අඩංගුවට ගෙන පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව ලබන 17 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පූගොඩ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කෙළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජී. ඩඩ්ලිව්. සුමිත්ද සිල්වා නමැත්තෙකි. දොම්පේ පොලිසියේ පො.සැ. වසන්ත මහතා පැමිණිල්ල මෙහෙයවීය.

(පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ)

advertistmentadvertistment
advertistmentadvertistment