තම යතුරුපැදියේ ගැටුණු තරුණයාට හෙල්මට් එකෙන් ගැසූ එස් අයිගේ වැඩ තහනම්

111

තම යතුරුපැදියේ ගැටුණු තරුණයකුට හෙල්මටයෙන් පහරදුන් කුලියාපිටිය, ඇරෑපොල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයා සුදු ඉර මතින් පාර මාරුවෙමින් සිටියදී උප පොලිස් පරික්‍ෂකවරයා පදවාගෙන යමින් සිටි යතුරුපැදියේ ගැටී තිබේ. බිම වැටුන පුද්ගලයා නැගී සිටීමට උත්සාහ ගනිද්දී කෝපයට පත් උප පොලිස් පරීක්‍ෂකවරයා හෙල්මටය ගෙන ඔහුට පහරදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු පොලිස් නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බව කුලියාපිටිය පොලිසිය කියයි.

මේ හැර මෙම උප පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කළ බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment