තරගකාරී හා ජයග්‍රාහී පරිසරයක් ගොඩ නංවමින් යූනියන් ඇෂුවරන්ස් ක්‍රීඩා උත්සවය පැවැත්වේ

52

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ක්‍රීඩා දිනය නිමිත්තෙන් පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2023 මාර්තු 11 දින කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී නිවාස 4 ක තරගකරුවන් හා තරගකාරියන් සමස්ත ශූරතාව සඳහා තරග වැදුණු අතර, තරගාවලියේ ශූරතාව Challengers නිවාසයට ද, අනුශූරතාව The Giants නිවාසයට ද හිමි විය. මීට අමතරව The Titans සහ The Royals යන නිවාසවල තරගකරුවන් සහ තරගකාරියන්ද ක්‍රීඩා ඉසව් රාශියකදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් වූහ.

“මෙය අපගේ කාර්ය මණ්ඩලයේ සාමූහිකත්වය, උනන්දුව හා කැපවීම මැනැවින් ප්‍රදර්ශනය වුණු අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. එය අපගේ සාමාජික සාමාජිකාවන් අතර පවතින කණ්ඩායම් හැඟීම තවදුරටත් ශක්තිමත් කිරීමට සමත් වුණා. යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙතරම් සාර්ථක සමාගමක් බවට පත් වී තිබෙන්නේ, අපගේ කාර්ය මණ්ඩලය මෙවැනි ආකල්ප ඔස්සේ සුභවාදී දැක්මකින් යුතුව තම හැකියාවන්ගේ උපරිමය ළඟා කරගැනීමට සමත් වී තිබෙන නිසයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉම්ටියාස් අනිෆ් මහතා පැවසී ය.

විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය යන ගුණාංගවලට මුල්තැන දෙන සමාගමක් වශයෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම තම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මෙම තරගවලට සහභාගී වීමේ අවස්ථාව උදාකර දී තිබිණි. මෙම ගුණාංග නිසා මේ වනවිට තම කාර්ය මණ්ඩලයේ වෘත්තීය හා පෞද්ගලික දියුණුවට මහෝපකාරී වන, කණ්ඩායම් හැඟීමෙන් රාජකාරි කළ හැකි රැකියා පරිසරයක් පවත්වාගෙන යන සමාගමක් වශයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 16.4 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 54.9 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment