තරගයක් දෙන්න නම් 300 පසු කළ යුතුයි – චාමික කරුණාරත්න

548

තම කණ්ඩායමට ලකුණු 300 සීමාව පසුකර යෑමේ හැකියාවක් ඇති බවත් එවැනි ලකුණු ප‍්‍රමාණයක් ලබා ගතහොත් තරගය ජය ගැනීමට අපහසු නොවන බවත් චාමික කරුණාරත්න පවසයි. ඉන්දීය කණ්ඩායම සමගින් පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් කරුණාරත්න මේ බව කියා සිටියේය.
 
 පළමු තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැුස් කළ ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න නොදැවී 43 ක් ලබා ගැනීමට සමත්විය. පන්දු 35ක් පමණක් වැය වුණු එම ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ශී‍්‍ර ලංකා 9 වැනි කඩුල්ල වෙනුවෙන් දුෂ්මන්ත චමීර සමග අවසන් පන්දුවාර 5දී ලකුණු 52ක සම්බන්ධතාවක් ශී‍්‍ර ලංකා ඉනිමට එක් කිරීමටද චාමික වගබලා ගත්තේය.
 
 තරගය අවසන් වීමෙන් පසු ඔහු මාධ්‍යයට අදහස් දැක්වූ චාමික ”අපේ පිතිකරුවන්ගෙන් හොඳ ආරම්භයක් ලැබුණා, එත් ඔවුන්ට ස්ථාවර වෙන්න ලැබුනේ නෑ. අපි ලොකු ලකුණු ප‍්‍රමාණයකට යන්න උත්සහ කළේ. 42, 43 ඕවරවලදී මමත් දසුන් ශානකත් පන්දුවට පහර දෙන කොට මම එයාගෙන් ඇහුවා ලොකු පහරවල්වලට යන්නද කියලා, එත් මට කිව්වා 45 වැනි ඕවරය වෙනකන් ඉන්න කියලා. අපේ පිතිකරුවන්ගෙන් වැඩි දෙනකුට වැඩි කාලයක් පන්දුවට පහර දීමට හැකි වුණා නම්, අපට මීට වැඩි විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තිබුණා. අපේ කණ්ඩායමට 300 ක් හෝ 350 ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ තරගවලදී අපි වැඩි ලකුණු ප‍්‍රමාණයකට යන්න බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පවසා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment