තරගාවලි ජයකින් මිකී සමුගෙන යයි සකී

712

ශ‍්‍රී ලංකා කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දිවා විවේකයෙන් පන්දු ඕවර් 13 කට පසුව කොදෙව් කඩුලූ 8 ක් ලකුණු 40 කට දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය සහ රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් දෙදෙනා ශ‍්‍රී ලංකාවට සෝබර්ස් – තිසේරා කුසලානය හිමි කර දීමට ඊයේ (03 දා) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී සමත් වූහ.

ලකුණු 297 ක් ලබා තරගය ජයගෙන තරගාවලිය සමකර ගන්නා ලෙස ශ‍්‍රී ලංකාව ලබාදුන් ඉලක්කය හඹායෑම පසෙකලා නියමිත පන්දුවාර 93 පුරාවටම පන්දුවට පහර දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ අටියෙන් කොදෙව්වන් පන්දුවට පහර දුන්න ද රමේශ්ගෙන් සහ ඇඹුල්දෙණියගෙන් ඔවුන්ට ගැලවීමක් ලැබුණේ නැත.

දිවා විවේකය වනවිට කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් රැුස්කරගෙන සිටි කොදෙව් කණ්ඩායමේ සියලූදෙනා ලකුණු 132 කට දැවී යෑමෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 164 ක ජයග‍්‍රහණයක් මේ තරගයේදී හිමිවිය.

මිනිත්තු 51 ක් පුරා කඩුල්ලේ රැුඳී සිටිමින් කොදෙව්වන්ට යම් බලාපොරොත්තුවක් ඇති කර දී තිබූ ශායි හෝප්, මෙන්ඩිස් විසින් ක‍්‍රියාත්මක කරන ලද තරගයේ 44 වැනි පන්දු වාරයේදී එල්ල කරන ලද හිතුවක්කාර පහර කොදෙව් බලාපොරොත්තු කඩවීමේ පළමු අවස්ථාව විය.

තරගාවලි ජයකින් මිකී සමුගෙන යයි සකී

මෙන්ඩිස් විසින් තරගයේ යොමු කරන ලද අවදානමකින් තොර එවූ පන්දුවට හෝප් එල්ල කළ ෆුල් පහර සුරංග ලක්මාල් විසින් රැුක ගැනීමෙන් පසු ඊළඟ පන්දුවේදී තවත් කඩුල්ලක් දැවී යෑම සටහන් විය. රොස්ටන් චේස් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගිය අතර මෙන්ඩිස්ට හැට්ටි‍්‍රක් අවස්ථාව අහිමිව ගියේ මේයර්ස්ගේ දැවීයෑම තවත් පන්දු 3 ක් දක්වා ඉදිරියට යෑම නිසාය.

පන්දු 4 කට පමණක් මුහුණ දුන් කයිල් මේයර්ශ්වද එම ඕවරයේ අවසන් පන්දුවේදී දවාගත් මෙන්ඩිස් කොදෙව්වන් පරාජයේ වළපල්ලට ගෙන යෑමට පාර කැපුවේය.

පැය 3 කට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකාවට හිසරදයක් වෙමින් සිටි නිකෲමා බොනර්ව කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමට සැලැස්වීමෙන් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූවේය. කොදෙව් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් බොනර් දැවී යන විට ඔහු ලකුණු 44 ක් ලබා සිටි අතර කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා ද බොනර් වූවේය. වීරසාමි පෙරුමාල් දවාගෙන තරගයේ දෙවැනි ඉනිමේදීත් කඩුලූ 5 සීමාවට අවතීර්ණ වූ රමේෂ් මෙන්ඩිස් ඒ සමඟ තරගය තුළ දවාගත් කඩුලූ ගණන 11 ක් දක්වා ඉහළට ගෙන ආවේය. පළමු තරගයේදී ද කඩුලූ 7 ක් දවා ගත් රමේෂ් තරගාවලිය තුළ ලැබූ කඩුලූ ගණන 18 ක් විය. මෙන්ඩිස් මෙන්ම දෙවැනි ඉනිමේදී කඩුලූ 15 ක් දවා ගනිමින් කොදෙව් කඩුලූ 10, දෙදෙනා අතර සම සමව බෙදාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූ අතර ඔහුගේ අවසන් කඩුල්ල මෙන්ම කොදෙව් ඉනිමේ අවසන් පිතිකරුවාගේ කඩුල්ල ලෙස ද ජොමෙල් වාර්කන්, ඇඹුල්දෙණිය හමුවේ දැවී ගියේය.

තරගාවලියේ වීරයා සම්මානය රමේෂ් මෙන්ඩිස්ට හිමිවූ අතර තරගයේ වීරයා සම්මානය දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 155 ක් ලබාගත් ධනංජය ද සිල්වා ට හිමි විය.

පීඩනය යටතේ ලකුණු රැුස්කිරීමට තමන් ප‍්‍රිය කරන බවත්, මේ ශතකය වෙනුවෙන් තමන් මහත් කැපවීමෙන් ක‍්‍රියාකළ බවත් පියාගේ ආශිර්වාදය තමන්ට හිමි වූ බවත් තරගයේ වීරයා වූ ධනංජය ද සිල්වා තරගයෙන් අනතුරුව සඳහන් කර සිටියේය.

මහන්සි වී වැඩ කිරීම තම සාර්ථකත්වයේ රහස බව තරගාවලියේ වීරයා වූ රමේෂ් මෙන්ඩිස් එම සම්මානයෙන් පසුව ප‍්‍රකාශ කළේය. එසේම පිතිහරඹයේ නිරත විය හැකි පන්දු යවන්නකු ලෙස මෙම මට්ටමේදී තමන්ව සැලකුව ද දේශීය තරග මට්ටමේදී තමන් සලකන්නේ පන්දු යැවිය හැකි පිතිකරුවකු බව ද රමේෂ් අදහස් දක්වමින් පැවසීය. රමේෂ්, පැතුම්, ධනංජය ගැන තරගයෙන් පසුව සිහිපත් කළ ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක නායකයා බලාපොරොත්තු වන දේ ඉටුකිරීමට සමත් වී ඇති බවත් ඔහුට මෙම අර්ධ ශතක, ශතක දක්වා ගෙනයෑමට හැකි බවත් පැවසීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් නික්ම යන පුහුණුකරු මිකී ආතර් මහතා ගැන දිමුත් එහිදී දැරුවේ මෙවැනි අදහසකි.

මිකී ආතර් මට තාත්තා කෙනෙක් වුණා. මටත් කණ්ඩායමටත් එහෙමයි. ඔහුගේ නිකමයෑම ගැන අපි කනගාටු වෙනවා. එමෙන්ම ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි සුබ පතනවා.

තරගාවලි ජයකින් මිකී සමුගෙන යයි සකී
advertistmentadvertistment
advertistmentadvertistment