තරාතිරම කෙසේ වුවත් පේරාදෙණිය නගරයේ තැබෑරුමකට ඉඩ නෑ

197

කුමන බලවතකු සූදානම් වුවත් පේරාදෙණිය නගරයේ තැබෑරුමක් විවෘත කිරීමට ඉඩ දෙන්නේ නැති බව පේරාදෙණිය ශ්‍රී සුභෝධාරාමාධිපති උඩරට අමරපුර නිකායේ සාසන සේවක සංඝ සභාවේ අනුනායක පූජ්‍ය වත්තේගම දම්මාවාස හිමිපාණෝ, ගිහි පැවිදි උද්ඝෝෂණයකට

සහභාගි වෙමින් පැවසූහ. ගිහි, පැවිදි විශාල පිරිසක් උද්ඝෝෂණයට සටන් පාඨ සහිත පුවරුද රැගෙන සහභාගීවී සිටියහ. උද්ඝෝෂණය පේරාදෙණිය, ගන්නොරුව හන්දියේදී පැවැත්විණි. නව මත් පැන් හල පේරාදෙණිය නගරය මධ්‍යයේ ළඟදී විවෘත කිරීමට සූදානම් කර තිබෙන බව මෙහිදී අනාවරනය කරන ලදී.

මීට කලකට පෙර රටේ එවකට නායිකාවගේ අනුග්‍රහය ලබාගත් බව පවසමින් පුද්ගලයකු පේරාදෙණිය නගරයේ තැබෑරුමක් විවෘත කිරීමට සූදානම් වුවත් ඊට ද ඉඩ නුදුන් තමන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ මොහොතේ කුමන බල්වතකුගේ අනුග්‍රහය ලබාගෙන කුමන බලගතු පුද්ගලයකු පේරාදෙණිය නගරයේ තැබෑරුමක් විවෘත කිරීමට සූදානම් වුවත් එයට ඉඩ නොදෙන බව පැවසූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment