තරුණයකුට එල්ලා ගැසූ පොලිසියේ දෙදෙනා වැරදිකරුවෝ වෙති – පෞද්ගලික මුදලින් ලක්‍ෂය බැගින් වන්දි ගෙවන්නැයි නියෝග

603

අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට ඊයේ (22 දා) නියෝග කළේය.

2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැමිණිලිකාර තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන එල්ලා සිදුකළ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පෞද්ගලික මුදලින් එම වන්දිය ගෙවන ලෙස නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 25,000 බැගින් වූ නඩු ගාස්තු ඔවුන්ගේ පෞද්ගලික මුදලින් පෙත්සම්කාර තරුණයාට ගෙවන ලෙස ද නියෝග කළේය. මෙසේ නියෝග කළේ සිරිසේනගේ පි‍්‍රයදර්ශන හා නිලන්ත පි‍්‍රයදර්ශන යන පොලිස් නිලධාරීන්ටය.

විජිත් මලල්ගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත එස්. තුරේරාජා විනිසුරුවරයා විසින් එම තීන්දුව නිකුත් කෙරිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment