තරුණයකු පැහැරගෙන ගොස් පහරදීම: හිරුණිකාට එරෙහි නඩුව ලබන 28 ට කල් යයි

107

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක සේවය කරමින් සිටි තරුණයකු මහ දවල් බලහත්කාරයෙන් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 28 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (30 දා) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා රාජකාරි කටයුත්තක් සඳහා විදේශගතවී ඇති බවට රජයේ අධිනීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

2015.12.21 වැනිදා අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයාව පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට රැගෙන ගොස් ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි. එම නඩුවේ නව වන විත්තිකාරිය ලෙස නම්කොට තිබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවලට වරද පිළිනොගැනීම නිසා සාක්‍ෂි කැඳවා නඩු

විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කොට තිබූ අතර සෙසු විත්තිකරුවන් අට දෙනා නඩුව කැඳවූ මුල් අවස්ථාවේදීම වරද පිළිගෙන දඬුවමට යටත්වී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment