තරුණයින් දේශපාලනයෙන් ඈත්වෙලා යැයි ජනපති කියයි

164


තරුණයන් අද දේශපාලනයෙන් ඉවත් වි ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
ජනාධිපතිවරයා ඒ බැව් පැවසූවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය පිලිබදව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් , රාජ්‍ය නිලධාරින් සහ පලාත් පාලන නියෝජිතයන් සමග නුවරඑලිය නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාවකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ
ජනතාව විදින දුක මම අමතක කරලා නැහැ. මේ කාලවකවානුව අපි පසු කරන්න ඕනෙ .ආහාර සුරක්ෂිතතා වැඩසටහන දේශපාලනිකරණය නොකරමු.
ආර්ථිකයෙන් ගොඩ ගන්න එකත් එහෙම විය යුතුයි.
මිනිස්සු ආණ්ඩුවට විතරක් බනින්නේ නැහැ. මුළු පාර්ලිමේන්තුවටම බනින්නේ.
සැලසුමක් ඇතුව දොස් කියන්න ඕනි .සැලසුමක් නැතුව දොස් කියලා වැඩක් නැහැ.
අද මේ මුළු දේශපාලන ක්‍රමයම එපා වෙලා තියෙන්නේ .තරුණයා අද දේශපාලනයෙන් ඈත් වෙලා .නිලධාරින්ගෙන් අහනවා මොනවද මේ දේශපාලඥයින් කරන්නේ කියලා.
මට කියනවා දැන් ගෙදර යන්න කියලා . මට එක ප්‍රශ්නයයි තියෙන්නේ. ගෙදර ගිනි තිබ්බ නිසා යන්න තැනක් නැහැ. ඒ නිසා මෙතන ඉදන් රට ගොඩ ගන්න හදනවා.
මේ ක්‍රමය සම්පුණයෙන්ම වෙනස් කරන්න ඕනි . ඒක තමයි ජනතාව ඉල්ලන්නේ. ඒ නිසා අපි කරපු වැරදි හදාගෙන රට හරි තැනට ගෙනියන්න ඕනේ.

advertistmentadvertistment
advertistmentadvertistment