තරුණයෙකුගේ වීර චාරිකාව ‘නයිට් රයිඩර්’ 22 සිට තිරයේ…!

479

නයිට් රයිඩර් මේ නම ඇසූ සැණින් අපට සිහිවෙන්නෙ අසූව දශකයේ කතා කරන මෝටර් රථයකින් වැඩ පෙන්නපු නයිට් රයිඩර් නමැති ඇමරිකානු රූපවාහිනි මාලා නාටකය. අපේ රටේ තරුණ නිර්මාණ ශිල්පියෙක් වන කසුන් පතිරණ ස්වකීය කුළුඳුල් සිනමා නිර්මාණය නම් කරල තියෙන්නෙ නයිට් රයිඩර් නමැති එකී ජනප්‍රිය නාමයෙන්. කසුන්ගේ එම කුළුඳුල් සිනමා නිර්මාණය වන නයිට් රයිඩර් ජුලි 22 වැනිදා සිට රිදී තිරයේ දිග හැරුමට සූදානම්.

තරුණයෙකුගේ වීර චාරිකාව 'නයිට් රයිඩර්' 22  සිට තිරයේ...!

විශ්ව කරුණාරත්න කැමරාකරණයෙන් හැඩ වන නයිට් රයිඩර් චිත්‍රපටයේදී කසුන් සමග කතාව දෙබස් සහ තිරචනයට සඳහා ශ්‍රීනාත් චතුරංග එක්වෙනවා. සිනමාපටය අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය කර තිබෙන්නෙ කසුන් පතිරණ විසින්මයි. මේ සරුව පිත්තල සමාජය ඇතුලේ තමන්ගෙ ජීවිත බලාපොරොත්තු කෙසේ හෝ ජයගන්න වෙර දරණ කුලී රථ රියදුරෙක් සහ ඔහුට අහම්බයෙන් මුණ ගැසෙන තරුණියක වටා නයිට් රයිඩර් කතාව ගොඩනගා තිබෙනවා. බිහිසුණු සිදුවීම් මාලාවකට මැදිවන තරුණයකුගේ වීර චාරිකාව නයිට් රයිඩර් තුළින් ලාංකීය ප්‍රේක්ෂකයාට දැකගැනීමේ අවස්ථාව මේ නිර්මාණය තුළින් ඉටු වන බව ඔහුගේ කුළුඳුල් සිනමා වියමන තිරගත වීමේ අභිමුව කසුන් පවසනවා.

තරුණයෙකුගේ වීර චාරිකාව 'නයිට් රයිඩර්' 22  සිට තිරයේ...!

කළණ ගුණසේකර, යුරේනි නොෂිකා, බිමල් ජයකොඩි, තුමිඳු දොඩම්තැන්න, ඩබ්ලිව්. ජයසිරි, ආනන්ද කුමාරඋන්නැහේ, මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන භූමිකා නිරූපණය කරන නයිට් රයිඩර් සංගීතවත් කර තිබෙන්නේ අජිත් කුමාරසිරි විසින් වන අතර කලා අධ්‍යක්ෂණයෙන් චරිත් වික්‍රමතිලක නිර්මාණයට සම්බන්ධ වී තිබෙනවා.

  • තිස්ස
තරුණයෙකුගේ වීර චාරිකාව 'නයිට් රයිඩර්' 22  සිට තිරයේ...!

advertistmentadvertistment
advertistmentadvertistment