තරුණියකගෙන් දුරකථන අංකය ඉල්ලුවැයි කොඩිගාමම් වෛද්‍යවරයාට පහරදුන් 8දෙනා 17 වැනිදා දක්වා රිමාන්ඩ්

698

යාපනය කොඩිගාමම් රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් අටදෙනකු මේ මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස චාවාකච්චේරි මහෙස්ත්‍රත්වරයා 7 වැනිදා නියෝග කළේය.

මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකගේ දුරකථන අංකය වෛද්‍යවරයා විසින් ඉල්ලා ඇති බව කියමින් මේ පිරිස වෛද්‍යවරයාට රෝහල තුළදී පහර දී තිබේ.

එම වෛද්‍යවරයා තරුණියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත්තේ ඇයගේ රෝගය පිළිබඳව ඉදිරි දැනුම් දීමක් සඳහා බවත් ඔහු එසේ කරන ලද්දේ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගේ උපදෙස් මත බවත් අධිකරණයේ දී සඳහන් වූ අතර මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

වෛද්‍යවරයාට පහර දීමෙන් පසුව කොඩිගාමම් රෝහලේ පාලන අධිකාරිය කොඩිගාමම් පොලිසියට ඒ බව පැමිණිලි කළේය. පසුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment