තරුණියට ෆේස්බුක් හරහා අපහාස කළ සැකකරු දැලේ

140

16 හැවිරිදි තරුණියකගේ ඡායාරූපය යොදාගෙන ඇය යවන ආකාරයෙන් අපහාසාත්මක දෑ අඩංගු කර විවිධ පුද්ගලයන් වෙත මුහුණු පොත හරහා යොමු කළ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව අලූබෝමුල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප‍්‍රදේශයේ 26 හැවිරිදි පුද්ගලයෙකි.

16 හැවිරිදි තරුණියගේ මිතුරියන් හා මිතුරන් එම තරුණියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව පියා සමග පොලිසියට පැමිණි තරුණිය ඒ බව පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මීට වසර කිහිපයකට පෙර මෙම තරුණිය හා මිතුරු වීමට උත්සාහ කර තිබූ සැකකාර පුද්ගලයා එය අසාර්ථක වීම හේතුවෙන් එයට උරණව තරුණියට අපහාස කිරීමේ චේතනාවෙන් මේ දේ සිදු කර ඇති බවත් පොලිසිය කියයි. තරුණිගෙන් ලද පැමිණිල්ල අනුව වහා ක‍්‍රියාත්මක වූ අලූබෝමුල්ල පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනයේ පරීක්ෂා කිරීමේදී ව්‍යාජව සාදන ලද තරුණියගේ මුහුණු පොතේ ගිණුම දැක ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි. සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අලූබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment