ඔන්ලයින් එකෙන් ගණිකාවන් සපයන ගමන් කසිප්පුත් පෙරලා… තරුණියන් හා කසිප්පු සමග ජාවාරමුන් දෙදෙනා අත්අඩංගුවට

1109

දුරකථන මගින් ලැබෙන ඇනවුම් මත ඔන්ලයින් ක‍්‍රමය යටතේ ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙය වූ රෙදි වෙළෙන්දන් දෙදෙනෙකු ගණිකා සේවනය සඳහා ගණිකා නිවාසයේ රැඳී සිටි තරුණියන් සිව් දෙනෙකු සහ ගණිකා නිවාසයේ කොටසක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයේ තිබූ කසිප්පු ලීටර් ලක්‍ෂ 2 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව අපරාධ කොට්ඨාසය 4 දා සමත් විය.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ මාතර සහ ඇඹිලිපිටි යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් රෙදි වෙළෙන්දුන්ය. කොවිඞ් උවදුර නිසා ඔවුන්ගේ ආදායම් අහිමිවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා කටාන අක්කර 50 ප‍්‍රදේශයේ සුපිරි නිවසක් මසකට රුපියල් 50,000ක කුලියක් ගෙවා නිවසක් ලබා ගෙන මෙම ජාවාරම ආරම්භ කර ඇත.

ලද තොරතුරු අනුව මීගමුව අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුව මත වැටලීම කර ඇත. වැටලීමේදී එහි ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රඳවාගෙන සිටි තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමින්ද සිල්වා නිලධාරීන් මෙහෙය විය. එම ස්ථානය පිළිබඳව ඔත්තුව ලබාදුන් උප පොලිස් පරීක්‍ෂක මධුශාන් සහ උ.පො.ප මාරසිංහ යන මහත්වරු වැටලීමට සහභාගී වූහ. සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment