තරුණිය දූෂණය කළ ව්‍යාපාරිකයා රිමාන්ඞ්

636

මාලබේ, කහන්තොට ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි දෙකක තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ව්‍යාපාරිකයකු ලබන විසිහය වැනිදා දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
 
 මෙම තරුණිය අතුරුගිරිය පොලිසියට කළ පැමිණිල්ලක් මත ක‍්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම තරුණිය මීට වසර දහයක පමණ කාලයක සිට අපයෝජනයට ලක්වී ඇතැයි කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇත.
 
 මෙම තරුණිය සහ සැකකරු අසල්වාසීන් වන අතර තරුණියගේ මව්පියන් නිවෙසින් බැහැර වෙන අවස්ථාවල දියණිය ආරක්ෂාවට රඳවා ගොස් ඇත්තේ සැකකරුගේ නිවසේයි.
 
 මෙම අතවර සිදුවී ඇත්තේ එවැනි අවස්ථාවලයි. සැකකරු විවාහ දෙකක් කරගෙන ඇති අයෙකු වන අතර එම විවාහවලින් ඔහුට දරුවන්ද ඇත.
 
 මෙම තරුණිය පොලිසියට පවසා ඇත්තේ අදාළ තැනැත්තාගෙන් තමාට සිදුවන කරදර නතර කර දෙන ලෙසටයි. අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. යෙස්මින් මහත්මිය ඇතුලූ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment