තරුණ අරගල පොදු තැනකට ගෙනඒමට නායකත්වය දෙන බව ජවිපෙ කියයි

355


රට පුරා තැන තැන පැන නැගී ඇති සියලු තරුණ අරගල සටන් සහ නැගිටීම් පොදු එක්සත් ව්‍යාපාරයක් තුළට ගෙන ඒම සඳහා නායකත්වය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද සඳහන් කළේය.

එම අරගල එකතැන වේලීමට හෝ මියැදීමට ඉඩ ලබා දිය යුතු නැති බවත් කී හෙතෙම අරගලය ඉදිරියට ගෙන යා යුත්තේ වෙන් වෙන්ව නොව එක්සත්ව එකමුතුව බවත් කීවේය.

ඒ සඳහා දේශපාලන නායකත්වයක් සහ මගපෙන්වීමක් අත්‍යවශ්‍ය බවත් සමාජය නව පරිවර්තනයක් ඉල්ලා සිටින අවස්ථාවක එවැනි කටයුත්තක් සඳහා නායකත්වය දීම අත්හළ නොහැකි වගකීමක් බවත් දිසානායක මහතා පැවසීය .

තැන තැන පැන නැගී ඇති සියලු අරගලයන්ට ජනතා විමුක්ති පෙරමුණ ධෛර්යය සහ සුබ ප්‍රාර්ථනා කරන බවත් එය නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ඉල්ලා සිටින බවත් අනුර කුමාර දිසානායක මහතා කීයග

තරුණ පරම්පරාව අනතුරේ ඉව දැනී අන් කවරදාටත් වඩා වේගයෙන් අවදි වී ඇතැයි සඳහන් කළ දිසානායක මහතා එය සුවිශේෂී තත්ත්වයක් බවත් කීවේය ග

advertistmentadvertistment
advertistmentadvertistment