තරුණ කඳුකර කොටියෙක් මද්දකට හසුව මිය ගිහින්

69

ගම්පොල අම්බුළුවාව තුන කණුව ප්‍රදේශයේ කැලෑ බද කොටසක මද්දකට හසුව මියගිය වැඩුණු කඳුකර කොටියෙකුගේ සිරුරක් ගම්වාසීන්ට හමුවී ඒ බව වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා හෙම්මාතගම පොලිසියේ නිලධාරින් එම ස්ථානය වෙත පැමිණ තිබුණි.

මෙම කොටියා දිගින් අඩි හයහමාරක් හා උසින් අඩි දෙකක් පමණ වූ තරුණ දිවියෙකු බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

ඌරන් මුවන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ උගුලකට මෙම කොටියා හසු වන්නට ඇතැයි සැක කරන අතර කොටියාගේ ඉන වටා තිබූ කම්බි රැහැනක් ද පොලිසිය සොයා ගනු ලැබීය.

මෙම ස්ථානයට ගම්පහ වනජීවී කාර්යාලයෙන් පැමිණ ඊයේ සවස හයට පමණ එම සතා රැගෙන යනු ලැබීය. හෙම්මාතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment