තරුණ ජනතා පිබිදීම  අප දිරිමත් කළ යුතුයි – කරු ජයසූරිය

133

විධායක ජනපති ක්‍රමය  වහා අහෝසි කර 19 බලගන්වන්න

 “තරුණ ජනතා පිබිදීම සුළුවෙන් තකන්න එපා. අපි මේ තරුණ ජවය දිරිමත් කළ යුතුයි. බලය ඇත්තන් හා ඔවුන් වටා ඉන්නා සුළු පිරිසක් අසාධාරණ ලෙස රට පාලනය කරන විට රටේ ජාතික සම්පත් කොල්ලකන විට ජනතා නැගිටීම් ඇති වෙනවා. ලොව මහා විප්ලවය ඇති වන්නේත් මෙවන් පරිසරය තුළයි” සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සිවිල් සමාජ ක්‍රියා කරන්නන් හමුව අමතමින් කීවේය.

 එහිදී ජයසූරිය මහතා පහත කරුණු ද දැක්වීය.

 සිවිල් සමාජය නියෝජනය කරමින් පැමිණ සිටින ඔබ අපට ද රට ගොඩනැඟීම සඳහා විශාල කාර්යභාරයක් තිබෙනවා. අද ජනතාව විඳින දුක් කන්දරා ගැන විස්තර කරන්නට අවශ්‍ය නැහැ. අපේ ඇස් පනාපිට එම අඳෝනා පේනවා. ඇසෙනවා. විදුලිය නොමැතිව, ගෑස් නොමැතිව පැය ගණන් පෝලිම්වල ගත කරමින් අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගන්න අසරණ ජනතාව ගැන අපි දැඩිව කම්පා වෙනවා.

 රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මගින් ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලුත් රටක් බිහි කිරීමට මේ සුදුසුම අවස්ථාවයි. මෙවැනි අවස්ථාවන් ඉදිරි කාලයේදී නොලැබේවි. මෙහිදී ඔබ විසින් ලබා දෙන දායකත්වය ශක්තියක් වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment