තරුණ ජෝඩු එක්වන වැලන්ටයින් සාද දෙස පොලිස් ඇස

338

වැලන්ටයින් දිනය සැමරීමේ මුවාවෙන් අද (14 දා) විවිධ ස්ථානවලට රැස්වන තරුණ යුවළ පිළිබඳව පොලිසිය දැඩි අවධානය යොමුකර ඇත.

වැලන්ටයින් දිනය මුල්කර ගෙන හෝටල්වල හෝ පොදු ස්ථානවල මෙම ජෝඩු රැස්වන මොහොතේ විවිධ මත්ද්‍රව්‍ය වර්ග රැගෙන ඒමට ඉඩ තිබෙන නිසා ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා පොලිස් ඔත්තුකරුවන් යොදන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

වැලන්ටයින් දිනය සමරන අවස්ථාවේ ඉතා අවධානයෙන් පසුවෙන ලෙස පොලිස් මූලස්ථානය පෙම්වතුන්ට අවවාද කරන අතර තම තරුණ දූ දරුවන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන ලෙස දෙමාපියන්ගෙන් ද ඉල්ලා සිටී.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment