තරුණ තරුණියන් 1000කට තරුණ සේවා ශිෂ්‍යත්ව

173

තරුණ තරුණියන් දහසකට තරුණ සේවා සභාව යටතේ නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ අනුව වයස අවුරුදු 21 ට වැඩි තරුණ තරුණියන්ට වඩු වැඩ, මේසන් වැඩ, පරිගණක තාක්‍ෂණය, රූපලාවන්‍ය ඇතුළු පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් 50,000 ක වටිනාකමින් ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගන්නා බව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. මේ සඳහා මූල්‍ය පහසුකම් ලංකා දුම්කොළ සමාගම මගින් ලබාදීමට එකඟතාවය පළකර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment