තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කළ ආණ්ඩුව ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

121

වගා වන්දි දෙනවැයි කීවාට  ගුරු වැටුප් ප‍්‍රශ්නයවත් විසඳගන්න බෑ

 රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

තරුණ පරපුර අපේක්ෂා  භංගත්වයට පත් කළ ආණ්ඩුව  ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා - විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස


විපක්ෂ නායකවරයා මේ බැව් පැවසූවේ ඊයේ (20දා* පස්වරුවේ පැවැති ගොවි හදගැස්මට සමගාමීව දොම්පේ කිරිඳිවැල අන්නාසි ගොවීන්ගේ ගැටළු විමසීම පිණිස එම ප‍්‍රදේශයේ ගොවි ජනතාව හමුවූ මොහොතේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

 රටේ අනාගතය භාර ගන්නට සිටින සමස්ත තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කොට ඔවුන්ගේ අනාගතය පිළිබඳව බරපතළ අවිශ්වාසයක් ඇති කළාට පසු රටකට යන කල කුමක්දැයි සිතාගන්නවත් බැහැ.

 කිසිවකුට කරදරයක් නොවී තමන්ගේ ශක්තියෙන් මේ රටට ආහාර සැපයූ ගොවියාව ආණ්ඩුව හිතුවක්කාරි අත්තනෝමතික ලෙස අගාධයට තල්ලූ කොට දමලා. ගොවීන්ගේ වගාවලට හානි සිදු වුණොත් වන්දි ගෙවන බවට ආණ්ඩුව අද පුරසාරම් කීවද, අඩුම තරමේ මාස ගණනක් තිස්සේ මහ පාරේ සිටින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සහ ප‍්‍රශ්නය විසඳීමට මුදල් වෙන් කර ගැනීමට තරම්වත් හැකියාවක් නැහැ. එහෙම ආණ්ඩුව ගොවීන්ගේ ප‍්‍රශ්නවලට උත්තර සපයමින් වගා හානිය ලබාදෙන්නේ කෙසේ දැයි මා විමසනවා.

 මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා, පළාත් සභා මන්ත‍්‍රී ජෝර්ජ් පෙරේරා ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් රැුසක්ද ගොවි ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment