තරුණ බිරිය බීමත් සැමියාට කළ අපරාධය

496


පොලොන්නරුව, පුලස්තිගම, කෑගලුගම ප්‍රදේශයේදී ඊයේ (09) පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් පසුව බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියා මරාදමා ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුලස්තිපුර, පදිංචිව සිටි අම්බල කන්දලාගේ නිලන්ත නන්දන කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
හෙතෙම ජීවිකාව ලෙස කුලීවැඩ සහ පොල් කැඩීම කරමින් සිටි බවද කියති.
මොහු දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිය බිරිඳ සම`ඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් මෙදිනද එසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් සැමියා ඝාතනය කර තිබෙන බව පොලීසිය සිදුකල මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.
දෙදෙනා අතර ඇතිවී ඇතැයි කියන ආරවුලේදී තුවාල ලබාසිටි මරණකරුගේ 23 හැවිරිදි බිරිය ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය සඳහන් කලේය.

advertistmentadvertistment
advertistmentadvertistment