තරුණ යුවළ ගඟට පනිති: තරුණයා ගඟ පහළට පිහිනා ගොඩවී දිවගිය බවට තොරතුරක්… තරුණිය අතුරුන්!

1347

මහියංගණ මහනුවර මාර්ගයේ, මහියංගනය මහවැලි ගෙඟ් පාලම උඩින් තරුණ යුවළක් සවස 4.30ට පමණ මහවැලි ගඟට පැනීමේ සිද්ධියක් වාර්තා වේ.

ගඟට පැන්න තරුණයා ගඟ පහළට පිහිනා ගොස්, ගොඩ වී, දිව ගොස් අතුරුදහන් වූ බව ගම්වාසීන් කියයිි. කෙසේ වෙතත් පසුදින උදෑසන වන විට ප‍්‍රතිකාර සඳහා එම තරුණයා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත්ව ඇති බවට රෝහල් ආරංචිමාර්ග තවුරු කරනු ලැබීය. තරුණිය දියේ ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබේ. සිද්ධිය ඇසින් දුටු අයකු පැවසුවේ මුලින්ම, ගෑනු ළමයා මහවැලි ගෙඟ් පාලම් ඇන්ඳට නැග ගඟට පැන ඇති අතර ඉන් පසු තරුණයාද ගඟට පැනපු බවයි. තරුණයා ගසාගෙන යන අයුරු පාලම මත සිටි පුද්ගලයකු ජංගම දුරකථනයකින් පටිගත කරගෙන ඇත.

මහියංගණ පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශණයකින් මහවැලි ගඟට පැන්න තරුණියගේ ගමන් මල්ල මහවැලි පාලම ආසන්නයේ තිබි හමුවී ඇති අතර, එම බෑගයේ තිබී දෙදෙනාගේ හැදුනුම්පත් හමුවීමත් සමඟ ගඟට පැන්න යුවළගේ

අනන්‍යතාවය හෙළිව ඇති අතර දෙදෙනාම රිදීමාලියද්ද ප‍්‍රදේශයේ අයවලූන් බවට තහවුර කරගෙන ඇත. තරුණිය වයස අවුරුදු 19ක් වන අතර, රිදිමාලියද්ද, ගස්ගොල්ල ප‍්‍ර දේශයේ පදිංචිකාරියක් වන අතර තරුණයා රිදිමාලියද්ද, යල් අරාව, හෙවන් වත්ත, ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙකි.

අතරුදහන් තරුණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර, බිබිල ප‍්‍රදේශයේ අමතර පන්ති සඳහා සහභාගි වන බව පවසමින් නිවසින් බැහරව ගොස් ඇත. ඇය පවුලේ දෙවැන්නා වන අතර, ඇයට වැඩිමල් අවුරුදු 24ක වැඩිමහල් සොහොයුරෙක් හා අවුරුදු 07 බාල සොහොයුරෙක් සිටිති. මෙම තරුණියගේ

පියාද වසර කිහිපයකට ඉහත සිට පවුලෙන් ඉවත්ව සිටිති.

මව කුලී වැඩවලට යමින් දරුවන් පෝෂණය කර ඇත.

තරුණියගේ මව ඒ.එම්. ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය පවසන්නේ මෙම දෙදෙනා අතර අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් පෙම් සබදතාවයක් තිබු බවත්, තරුණයාගේ වෙනත් පෙම් සබදතාවයක් පිළිබඳ අනාවරණය වීමෙන් තරුණිය මීට මාසයකට පමණ පෙර තරුණියගේ වුවමනාවෙන්ම දෙදෙනා අතර පැවති පෙම් සබදතාවය නවතා දැමූ බවයි. ඒත් පන්ති යන බව පවසමින් මේ සිදු කරගත් අපරාධය පිළිබඳ කිසිවක් නොදන්නා බව ඇය වැඩිදුරටත් පැවසීය.

කල්මුනේ නාවික හමුදා නිලධාරින් පැමිණ, අතරුදහන් තරුණිය සෙවීම ආරම්භ කරනු ලැබීය. මහියංගණ පොලිසිය විසින් සිද්ධිය පිළිබද විමර්ශණ සිදු කරයි.

මහියංගණ – රංජිත් කරුණාවිර

advertistmentadvertistment
advertistmentadvertistment