තරුණ සවියෙන් ආර්ථිකයේ ලොව තෙවැනියා වීමට ඉන්දියාව සැරසෙයි

301


තරුණයින්ගේ කුසලතා වර්ධනය මගින් ඉන්දියාව ලොව තෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් කරන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.ඒ සඳහා සෑම ප්‍රාන්තයකම තොරතුරු තාක්ෂණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරන බවත් ඒ වෙනුවෙන් 2023-2024 අය වැය මගින් රුපියල් කෝටි ලක්ෂ 10ක් වෙන්කරන බවත් සඳහන් කරයි.ගුජරාටි ප්‍රාන්තයේ රෝස් මේලා රැකියා පොළ අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.නවදිල්ලි නුවර සිට අන්තරජාල තාක්ෂණය ඔස්සේ මෙම රැකියා පොළ ඇමතීය.තරුණ කුසලතා මත ඉන්දියාව ලොව විශාලතම නිෂ්පාදන මූලස්ථානය බවට පත්කරන බවත් ඒ සඳහා රජයේ රැකියා ලක්ෂ 10ක් සඳහා බඳවාගැනීම් සිදුකරන බවත් කීවේය.ගුජරාටි ප්‍රාන්තයේ පමණක් මෙම වසරේදී තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා 25,000ක් ලබා දෙන බව පැවසූ අගමැතිවරයා පසුගිය වසරේදී රැකියා 75,000ක් ලබාදුන් බවද කීවේය.ස්වයං රැකියා අවස්ථා සඳහා කාන්තාවන් බලගන්වන බවද ඉන් ඔවුනගේ දායකත්වයද ආර්ථික සංවර්ධනයට ලබාගතහැකි බව අගමැතිවරයා සඳහන් කළේය.මෙම ඉලක්ක සම්පූර්ණ කරගන්නේ පරිසර හිතකාමී සංවර්ධන ප්‍රතිපත්තියක් ඔස්සේ බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment