තරුණ සේවා සභාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයට යළි පණපොවයි

968

ජාතික තරුණ සේවා සභාවට අනියුක්ත ජාතික තරුණ සේවා සමාගම විසින් යොවුන් පරිගණක පාසල (Sri Lanka Youth School of Computing) ආරම්භ කර ඇත.

යොවුන් පරිගණක පාසල තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතම උපදේශක මණ්ඩලයකින් සමන්විතය. එම උපදේශක මණ්ඩලයට ක්ෂේත‍්‍රයේ පුහුණු උපදේශකවරයෙක් ලෙස වසර 23 ක අත්දැකීම් ඇති දිමුතු ජයනාත් මහතා පරිගණක පාසලේ තොරතුරු තාක්ෂණය පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයා කි‍්‍රයාකරන අතර CISCO ජ්‍යාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද Cisco Certified Academy හි උපදේශවරුන් දෙපලක් වන යසිරු නිර්මල හේරත් සහ තුෂංග මධුෂාන් යොවුන් පරිගණක පාසලේ පුහුණු කළමනාකරුවන් ලෙස ක‍්‍රියාකරයි.

”සැමට උසස් අධ්‍යාපනය’’ සහ ”දැනුම ආර්ථිකය’’ යන සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තේමාව පෙරදැරි කරගනිමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් හා තරුණසේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් දමිත වික‍්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ජාතික තරුණ සේවා සමාගම විසින් ආරම්භ කර ඇති මෙම පාඨමාලා තොරතුරු තාක්ෂණ විෂය පරාසයේ එකම ආයතනයක් තුළ සහතික පත‍්‍ර මට්ටමේ සිට උපාධිය දක්වා විෂයන් (සහතික පත‍්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ තොරතුරු තාක්ෂණ උපාධිය) ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා රාශියකින් සමන්විතය.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුවද මෙම පාඨමාලාවේ පළමු අදියර යටතේ මේ වන විට ආධුනික ආධුනිකාවන් 5000 කට ආසන්න පිරිසක් ලියාපදිංචිව අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත.

තවද මෙම යොවුන් පරිගණක පාසල තුළ ක‍්‍රියාත්මක වන මෘදුකාංග නිර්මාණය කිරීමේ අංශය මඟින් ((Software Development Unit In-house)) ක‍්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල දළ වටිනාකම රුපියල් මිලියන 5ක් පමණ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment