තරුවක් වෙන්න ගිහින් වෙච්ච දෙයක් – අබ්ලික් Story

632

 මරීනාට තිබුණේ පුදුමාකාර ලස්සනක්. ඒ රූප සම්පත්තිය තරුණියකට විරලව ලැබෙන දෙයක්. ඒ තරමටම වාත්තු කළා වගේ රූපයක් ඇයට තිබුණා.

 චරිතා රැකියාව කළේ පෞද්ගලික ජංගම දුරකථන ආයතනයක. මෙතනට එන සිය දහස් ගණනක් පිරිමි මරීනා දිහා ගල් ගැහැලි වගේ බලා හිටියා අවස්ථා එමටයි.

 සුරේෂ් කියන්නේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය කරන ආයතනයක සැලකිය යුතු රැුකියාවක් කරන තරුණයෙක්. ජංගම දුරකථනයක් මිලදී ගන්න ආව වෙලාවක සුරේෂ්ව මරීනාව නෙත ගැටුණා.

 අර සමහර පිරිමි ගල් ගැහිලා බලාගෙන ඉන්න වගේ සුරේෂ් චරිත දිහා ඇසපිය නොහෙලා බලා හිටියා.

 ඒ වෙනකොට සුරේෂ් ටිකක් ප‍්‍රසිද්ධ චරිතයක් රූපවාහිනි වැඩසටහන්වල ඒ වගේම නොයෙකුත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටිය නිසා සුරේෂ්ට බොහෝ දෙනෙක් දැන හඳුනනවා.

 චරිතත් දැක්ක ගමන් සුරේෂ්ට අඳුන ගත්තා ඇය බොහොම ප‍්‍රසන්න විදිහට සිනා වුණා. සුරේෂ් එක්ක. දැන් සුරේෂ් තවත් හොල්මන් වෙලා.

 ඇත්තමයි ඔයානම් වීනස් දෙව්දුව වගෙයි. මාව හොල්මන් වෙලා ඉන්නෙ ඔයාගේ ලස්සන දැකලා. ඔයා වගේ කෙනෙක් මෙතනට නෙවෙයි හරි යන්නේ සිනමාවට. ඔයාව ලේසියෙන් පුළුවන් ලංකාවේ ජනපි‍්‍රයම නිළියක් වෙන්න. සුරේෂ් එහෙම කිව්වම චරිතට පුංචි ආඩම්බරයක් හිතට දැණුනා.

 ඔයා කැමතිද මගේ අලූත්ම ඇඞ්වටයිසින් එකට එන්න. මේක එක රැයෙන් ජනපි‍්‍රය වෙන ඇඞ් එකක්.

 සුරේෂ් තොර තෝංචියක් නැතිව කියවන්න ගත්තා. චරිතාටත් ලොකු ආශාවක් තිබුණා ජනපි‍්‍රය නිළියක් වෙන්න. ඒ වෙන කොටත් හුඟක් අය කියලා තිබුණා මරීනා රඟපාන්න ගියානම් වැඩි කාලයක් යන්න ඉස්සර ලංකාවේ ජනපි‍්‍රයම නිළිය වෙනව කියලා.

 මං ටිකක් කල්පනා කරලා ඔයාට කියන්නම්. එකපාරම තීරණයක් ගන්න බැහැනේ. මරීනායි සුරේෂුයි අතරේ කතා බහ එතැනින් අවසන් වුණා. සුරේෂ් මරීනාගෙන් සමුගත්තේ එයාගේ ජංගම දුරකථන අංකයත් ලබාගෙන.

 මරීනා විවාහ වෙන්න බලාගෙන පෙම්වතෙකුත් ඇසුරු කරමින් සිටියා. එයා නමින් කවින්ද. කවින්ද බොහොම වැදගත් තරුණයෙක්. එදා සිද්ධ වෙච්ච හැම දෙයක්ම මරීනා කවින්දට කිව්වා.

 ඇත්තම කියනවනම් මම කොහොමතක් කැමති නැහැ ඔයා ඔය ෆීල්ඞ් එකට එනවට. ඒත් එයාගේ ආසාවට මං අකුල් හෙළන්නේ නැහැ. හොඳ දෙයක් නම් කරන්න.

 කවින්ද මරීනට කියවා දවස් දෙක තුනකට පස්සේ මරීනට සුරේෂ්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.

 මේක ඔයාට ලැබිච්ච ලොකු චාන්ස් එකක්. අපි කරන්න යන්නේ ලංකාවේ ජනපි‍්‍රයම සබන් වර්ගයක ඇඞ් එකක්. මේක හැම චැනල් එකකම යන්න ගත්තට පස්සේ ඔයාට පාරේ බැහැලා යන්න බැරිවෙයි.

 සුරේෂ් මරීනාට වෙනම ලෝකකට අරගෙන ගියා. දැන් මරීනාත් මාර උනන්දුයි වැඬේට. මේ ගැන වැඩි විස්තර කාටවත් කියන්න එපා කියපු නිසා ඒ හැම එකක්ම රහසක් විදිහට තියා ගන්න මරීනා කටයුතු කළා.

 මරීනා අපි ඇඞ් එක කරන්න ඉස්සර මේක්අප් ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඔයා හෙට උදේ 10.00 ට මොරටුව ස්ටේෂන් එක ළඟට එන්න. අපි තැනක් සෙට් කරලා තියෙනේන්. ඔයාගේ වැඬේ කරන්න. සුරේෂ් එහෙම කිව්වා. මරීනාටත් සුරේෂ් ගැන බයක් සැකයක් ඇති වෙලා තිබුණේ නැහැ. ඒත් මේ හැම දෙයක්ම තම පෙම්වතා වූ කවින්දට කිව්වා.

 හරි අපි හෙට යමු. උදේ මං එන්නම් ඔයා එක්ක යන්න. පහුවදා කවින්ද තම පෙම්වතිය වූ මරීනාවත් කැන්දගෙන මොරටුව ස්ටේෂන් එක ළඟට ගියා. එතකොටම මරීනාගේ ජංගම දුරකථනයට සුරේෂ්ගෙන් ඇමතුමක් ලැබුණා.

 ඔයා කා එක්කද ආවේ. අපි දැන් ලොකේෂන් එකට පිටත් වෙන්න බලාගෙන ඉන්නේ.

 සුරේෂ් බොහොම උනන්දුවෙන් විමසුවා.

 මං මගේ බෝයි ෆේ‍්‍රන්ඞ් කවින්ද එක්ක ආවේ. අපි දැන් මොකක්ද කරන්න ඕනේ. මරීනා සුරේෂ්ගෙන් විමසුවා.

 අයියෝ ඔයා මොකටද බෝයි ෆේ‍්‍රන්ඞ් අරගෙන ආවේ. මේ වගේ වැඩවලට ඒ අයව ගාව ගන්න එපා එයාලා කැමති නැහැ ඔයා ජනපි‍්‍රය කෙනෙක් වෙනවට. දැන් කරන්න දෙයක් නැහැ. එයාව වෙන කොහෙට හරි යවලා ඔයා මං කියන තැනට එන්න. මේකේ ජින්ස් කීපයක් තියෙනවා. ඔයා බාත්රූම් එකේ සබන් ගාන දර්ශන. බෝයි ෆේ‍්‍රන්ඞ් ආවම ඒ වැඬේ හරියට කරන්න වෙන්නෙ නැහැනේ. ඔයා මිනිහාව ටිකක් හලලා දාලා එන්න.

 සුරේෂ් එහෙම කිව්වම මරීනාගේ හිතේ පුංචි සැකයක් මතුවුණා. එය කෝකටත් කියලා මේ ගැන කවින්දට කිව්වා. මිනිහා මොනවට එනවද කියලා හිතාගන්න බැහැ. කෝකටත් ඔයා මගේ පස්සෙන්ම ඉන්න.

 මරීනාගේ ඉල්ලීම මත කවින්දත් සුරේෂ් එන්න කිව්ව හෝටේලට ගියා හැබැයි එයා හිටියේ කාටවත් පේන්නේ නැති වෙන්න.

 සුරේෂ් මරීනව එක්කරගෙන හෝටල් කාමරේකට රිංගුවා. සබන් වෙළෙඳ දැන්වීම අනුව මරීනට තිබුණේ බාත්රූම් එකේ නාල සබන් ගාන දර්ශන කීපයක්.

 සුරේෂ්ගේ උපදෙස් මත මරීනා ලොකු තුවායක් ඇඳගෙන මේකප් ටෙස්ට් එකට ලෑස්ති වුණා. දැන් සුරේෂ් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා මරීනාගේ ඉටිරූපයක් වගේ දිළිසෙන රූපකාය දිහා.

 ටික වේලාවක් එහෙම බලාගෙන හිටිය සුරේෂ් එක පාරටම මරීනගේ ඇඟට පැන්නා. අනේ කෙල්ලේ උඹ මාව පිස්සු වට්ටලා තියෙන්නේ. මං උඹට ආදරෙයි. ඔයා ලංකවේ ජනපි‍්‍රයම නිළිය කරන්නම් මා එක්ක එක පාරක් ඉන්න.

 සුරේෂ් එහෙම කිව්වම මරීනා යක්‍ෂාරූඪ වුණා. දැන් සුරේෂ් මරීනව බදාගෙන ඇයව විවිධ හිංසන කරන්න උත්සාහ කරනවා. මරීනා විලාප තියලා කෑ ගැහුවා.

 මේ හැම දෙයක් ගැනම බොහොම විමසිල්ලෙන් බලාගෙන හිටිය කවින්ද හෝටලේ කාමරේ දොරෙන් කඩාගෙන ඇතුලට පැන්නා.

 කවින්ද සුරේෂ්ට පහර පිට පහර දුන්නා. කවින්දගෙන් බඩකට පුරා ගුටි කෑව සුරේෂ් කැමරා ආම්පන්න ටිකත් කරේ තියගෙන හෝටලෙන් පැන්නා. ඒත් සරේෂ් තනියෙන් පැන යන්න ඉඩ ලැබුණේ නැහැ. මරීනාගෙ පැමිණල්ලට අනුව සුරේෂ් අත්අඩංගුවට පත්වුණා.

 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment