තරුෂි කොරියාවේදී ලක්මව බබළවයි – මීටර් 800 පළමු කාන්තා රන් පදක්කම දිනාගනී

305

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වීමට තරුෂි දිල්සරා කරුණාරත්න ක්‍රීඩිකාව ඊයේ (05 වැනිදා) දකුණු කොරියාවේදී සමත් වූවාය.

එහිදී ඇය විසින් වාර්තා කරන ලද කාලය විනාඩි 2.05.64 කි.

පෙරේදා පැවති මීටර් 400 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය.

ඉන් අනතුරුව ඊයේ පැවැති මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගයෙන් ද රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර එම තරගයේ ද ජයග්‍රාහී සාමාජිකාවක් බවට පත්වීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ශ්‍රී ලංකාව එම තරගයෙන් ද රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය වේ.

තරුෂි කරුණාරත්නට අමතරව ජයේෂි උත්තරා, හසන්ත ෂෙහාන් සහ ඕෂද විනෝද් ආරියවංශ එම තරගය නියෝජනය කළහ.

මේ අතර තුම්පිම්ම තරගයේ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට මලිත් යසිරු ක්‍රීඩකයා ඊයේ සමත් වූයේය. මලිත් එහිදී මීටර් 15.82 ක දක්ෂතාවයක් වාර්තා කර තිබුණි.

ඊයේ දිනයේ ජයග්‍රහණය කළ රන් පදක්කම් දෙක සහ ලෝකඩ පදක්කමට අමතරව පෙරේදා දිනයේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ද දිනාගත් ශ්‍රී ලංකාව 04 වැනි තැන රැදී සීටී.

advertistmentadvertistment
advertistmentadvertistment