තරු පහේ බස්වල සිංදු කියන චන්දරේ

508

බස්වලට නැගී සිඟා යදින පිරිස එන්න එන්නම වැඩිවන බව ඇත්තකි.

එදා රබානක් රැගෙන බසයට ගොඩවූයේ රස්සාවක් කරගත නොහැකි අබල දුබල අයයි. අතපය හතර හොඳට තිබෙන අයත් විවිධ කතා කියමින් සිඟමන් යදින බවද ඇත්තකි.

මොහු වේයන්ගොඩ, පල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. කුඩා කල සිට ගී ගැයීමට හපනෙකි. බෙර වාදනය පමණක් නොව සංගීතයද යම් පමණකට ප‍්‍රගුණ කර ගත්තේ පාසල් සමයේදීමය. නම චන්දරේය. හොඳ ගායන හැකියාවක් තිබූ මොහු බස්රථවල සින්දු කියන්න පටන් ගත්තේ ඔය අතරය. නවීන තාක්‍ෂණය ද යොදාගත් මේ තරුණයා කුඩා බෆල් එකක් ද සංගීතය කැවූ පෙන් ඩ‍්‍රයිව් එකක් ද භාවිතා කළේය.

බස් රථයේ යන එන මගීන් ලෝබ නැතුව රුපියල් 20, 50, 100 දික් කළේ චන්දරේ ගයන ගීත අපූර්ත්වයෙන් පිරී තිබුණ නිසාය. ඒ ගීත කන්කළුය.

වැඩිකල් නොගොස් නිවසද අලූත්වැඩියා කළ ඔහු ති‍්‍රරෝද රථයක් ද මිලදී ගත්තේය. රෑට මිතුරන් සමග එක්වී මධුවිත පානය කළේ ද ලෝබ නැතුවය.

ගමේ කිසිවකු මොහු බස්වල සින්දු කියන බව දැන සිටියේ නැත.

”මචං අලූත් රස්සාව හොඳද?” මිතුරකු ඇසුවේ ඔහුගේ අතමිට සරු බව දුටු නිසාය.

”ඔව් මචං මම තරු පහේ හෝටල්වල සිංදු කියන්න පටන් ගත්තා. ඒක මරු ජොබ් එක. දවසට රුපියල් 5000 ක් 6000 ක් ලැබෙනවා.” බස්වලට නැග සින්දු කියා ජීවත් වන ඔහු මිතුරන්ට කීවේ උජාරුවෙනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment