තරු පහේ හෝටලයේදී පැතුම් කෑ අමුතු බයිට් එක

1034

කොළඹ තරුපහේ හෝටලයක සාදයක් තිබිණි. මේ සාදයට සහභාගි වන්නට පැතුම්ටද වාසනාව පෑදුනේ වයස අවුරුදු හැටපහක මිතුරකුගේ ඇරයුමෙනි.

රාත‍්‍රි 7ට පමණ සාදය ඇරඹිණි. කිසි දිනක මත්පැන් බී නැති ඔහු කොක්ටේල් සාදය දෙස බලා වින්දේ අපමණ සතුටකි. ඔහු තරුපහේ හෝටලයක සාදයක් දුටුවේ පළමු වරටය. විවිධ විවිධ රසමසවලූ පිරි ප්ලේට් රැගත් හෝටල් සේවකයින් පැතුම් සිටි තැනටද පැමිණ විස්කි, බ‍්‍රැන්ඩි, ජින්, වොඩ්කා, බියර් පිරවූ වීදුරු පිරිනැමුවත් නිහතමානීව ඒවා ප‍්‍රතික්ෂේප කළේ ‘නෝ තෑනක්ස්’ කියමිනි. ඒ වචනයද අහුලා ගත්තේ ඒ මොහොතේ ලද අත්දැකීමෙනි.

නමුත් රස නහර පිනවන රසමසවුලූ පිරි අමුතු අමුතු බයිට් වර්ග ඔහු අනුභව කළේ වැඩිහිටි මිතුරාට පින්දෙමිනි.

පරිසරයම අඩ අඳුරකය. ගවුම් කොට ඇඳගත් සුරූපිනියන්ද රෙඩ්වයින්වලින් දෙතොල් තෙමා ගන්නා දෙස පැතුම් බලා සිටියේ ජීවිතයට අලූත් අත්දැකීම්

ගොන්නක් එකතුවන අතරය.

මේ අතර වැඩිමල් මිතුරාගේ පිඟානේ තිබූ මස් සහිත බයිට් වර්ග අනුභව කරන්නට ගත්තේ වැඩිහිටි මිතුරා වොඩ්කා වීදුරු කිහිපයක් හිස් කරන අතරතුරය.

මොන තරම් බයිට් කෑවත් පිඟානේ බයිට්වල අඩුවක් නැත. පැතුම් අඬ අඳුරේ ඒ බව කල්පනා කරන්නට ගත්තේ බොහෝ වේලාවකට පසුවය.

‘මල්ලි ඕවා කන්න එපා. මම කාලා අයින් කරන ඒවා’ පැතුම්ට කාරණය තේරුම් ගියේය. වැඩිහිටි මිතුරාගේ ශක්තිය අඩු දත්වලින් චප්පා කර දමන මස් ටික තමා රස කර කර කා ඇතැයි දැනුන විට පැතුම්ට සිතුණේ ෂහ් ඒත් රසයි කියාය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment