තරු පහේ හෝටලයේ හැඳි ගෑරුප්පු චාරුමතීගේ අත්බෑගයට රිංගලා

795

සමීරත් සඳුනිත් අතිනත ගැනීමේ පී‍්‍රතිය නිමිත්තෙන් තරුපහේ හෝටලයක සාදයක් සංවිධානය වුණේ ඉකුත් දිනකය.

 සමීර ගමක පදිංචිව සිටියත් ඔහුගේ දෙමාපියන් ධනවත්ය. සඳුනිලා නාගරිකව ජීවත් වූ වැදගත් පවුලකි.

 සමීර කඩවසම්ය. සඳුනි රූමත්ය. යාන වාහන, ව්‍යාපාර මැද දෙදෙනාට හොඳ පවුල් ජීවිතයක් ගත කළ හැකි බව සක්සුදක් සේ පැහැදිලිය.

 සමීරගේ ගමේ සිටි දැන උගත් වැදගත් පවුල්වල තෝරා ගත් පිරිසකට පමණක් තරු පහේ හෝටලයේ දොර විවර වූයේ මේ මංගල්‍යය වැදගත් ලෙස පැවැත්විය යුතු වූ නිසාය.

 සාදය තිබුණේ රාති‍්‍රයකය. ‘වෙල්කම් ඩි‍්‍රන්ක් එකෙන් ඇරඹි සාදය සැර බිම වලින් ද මස් මාංශ වලින්ද විචිත‍්‍රවත්, පාට පාට බල්බවලින් ද සැරසී තිබිණි.

 ඇතැමුන්ට මේ සාදය කා උදෙසා කා වෙනුවෙන් වූ ම`ගුලක් දැයි අමතක වන තරමට සාදය උච්ච තැනකට පත්ව ගියේ ඒ අතරය.

 ගුරුවරියක වන චාරුමතී ද බීර වීදුරුවක රස බැලූයේ පැමිණ සිටි බොහෝ කාන්තාවන් බීර පානය කළ නිසාය. සාදය අවසන් වනවාත් සමඟ පැමිණි පිරිස හෝටල් පරිශ‍්‍රයෙන් එළියට යන්නට පටන් ගත්තේ වැනි වැනීය.

 ‘‘මැඩම් පොඞ්ඩක් බෑගය පෙන්වන්න’’ තරුපහේ හෝටලයේ ආරක්ෂක නිලධාරියෙක් චාරුමතී ගේ අත්බෑගය ඉල්ලූවාය.

 ‘‘ හැඳි ගෑරුප්පු මෙන්ම ප`ිගන් කිහිපයක් ද බෑගය තුළය’’

 ‘‘අනේ සමාවෙන්න. වරදක් වුණේ’’ හෝටලයේ කළමනාකරුවෙකුගේ දෙපතුල් වැඳ ඇය හඬමින් කීවේ මතත් එක්ක ආස හිතී ඒවා බෑගයේ දමාගත් බවය.

 – පේ‍්‍රම්…

advertistmentadvertistment
advertistmentadvertistment