තලංගම ඩිපෝවේ රියැදුරෙකුගේ පෙට්ටියක ටී56 උණ්ඩ 26 ක්

163

 ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තලංගම ඩිපෝවේ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙන කාමරයක් තුළ රියැදුරකුගේ පෞද්ගලික බඩු බාහිර ආදිය තබා තිබෙන කුඩා පෙට්ටියක් (ලොකරයක්* තුළ ඉටි උරයක අසුරා ගබඩා කර තිබූ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 26 ක් ඊයේ (22දා* උදෑසන තලංගම විසින් සිය භාරයට ගෙන ඇත.
 
 මෙම ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටියේ අයිතිකරු වන රියැදුරු සේවය නිම කර පෙරේදා (21දා* රාත‍්‍රි 10.30ට පමණ කැකිරාව ප‍්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසට යෑම සඳහා පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
 
 ඊයේ උදෑසන සේවය සඳහා පැමිණි වෙනත් රියැදුරකු සේවක විවේකාගාරයට පැමිණ රාජකාරි කටයුතු සඳහා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී ජීව උණ්ඩ දෙකක් කුඩා පෙට්ටිය අසල බිම වැටී තිබී දැක ඇත. එම කුඩා පෙට්ටිය අඟුළු දමා වසා නොතිබුණ බැවින් එම පෙට්ටියෙන් මෙම ජීව උණ්ඩ බිමට වැටී ඇති බවට සැක කිරීමෙන් අනතුරුව රියැදුරුවරයා ඒ පිළිබඳව ඩිපෝ අධිකාරිවරයා දැනුවත් කර තිබේ. පසුව තලංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඉටි උරයක අසුරා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
 
 සැකකාර රියැදුරු වයස අවුරුදු 40ක් වන භද්ද්‍රා වත්ත, හොරොම්බුව, වාරියපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දැනට කැකිරාව ප‍්‍රදේශයේ බිරිඳගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිටින මොහු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසියට දැනුම් දී ඇත.
 
 සැකකාර රියැදුරු ඉකුත් සති කීපයේදී හා මීට මාස කීපයකට පෙර හමුදා නිලධාරීන් කඳවුරු වෙත රැුගෙන යෑම හා රැුගෙන ඒම සඳහා මෙන්ම යුද හමුදාව සමග එක්ව විශ‍්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා රාජකාරියේ යොදවා සිටි අයකු බවද තලංගම ඩිපෝවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 ඩිපෝව ආසන්නයේ පිහිටි ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රභූවරුන් හා ආරක්ෂක අංශයේ ප‍්‍රධාන නිලධාරීන් මෙන්ම සාමාජිකයන් ගමන් ගන්නා බැවින් මෙම ජීව උණ්ඩ යම් අපරාධයක් කිරීම සඳහා යොදා ගැනීමේ අදහසින් මෙම කුඩා පෙට්ටිය තුළ ගබඩා කර තිබුණේ ද යන්න හා මෙම පුද්ගලයාට ජීව උණ්ඩ ලැබුණේ කාගෙන්ද යන්න සෙවීම සඳහා පැති කීපයකින් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පැවසීය.
 
 ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටිය හා සේවක විවේකාගාර කාමරය තිබූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය.
 
 බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත භාර දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප 01 භාර පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. කේ. ප‍්‍රියංකර මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment