තලවතුගොඩ සම්බාහනයට ගිය විවාහකයා මරුට

705

තලවතුගොඩ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් සම්බාහන කටයුතු සිදු කරගනිමින් සිටි විවාහක පුද්ගලයකු හදිසියේම රෝගාතුර වී මරුමුවට පත්වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.
 
පෙරේදා (29 වැනිදා* අලූයම මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකි.
 
මියගිය අය හෘද රෝගියෙකු බවත්, මොහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් හෙළිවී ඇත. මියගිය අයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ අධිකරණ වෛi නිලධාරී කාර්යාලයේදී සිදු කෙරුණු අතර එහිදී ඔහුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදුවී ඇතැයි අනාවරණය වී තිබේ. සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා පැමිණ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු කළේය.
 
මේ පිළිබඳව තලංගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. පි‍්‍රයංකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්විණි.
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment