තලාවේ ගොවි සංවිධාන රැසක් පා ගමනේ…

97

පොහොර ඉල්ලා තලාව මහවැලි කොට්ඨාශ කාර්යාලයට අනුයුක්ත ගොවි සංවිධාන රැසක 500ක් පමණ ගොවියෝ එකතුවී තලාව 411 ජයගඟ හන්දියේ සිට පෙළ ගැසී සටන් පාඨ ඇතුලත් කටවුට් බැනර් ප‍්‍රදර්ශනය කරමින් තලාව බස්නැවතුම් පොළ දක්වා කිලෝ මීටර් 02ක් පමණ පයින් ගමන් කොට බස් නැවතුම් පොළ ප‍්‍රධාන හන්දියේ රැඳී සිටිමන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නියැලූණහ.

පැයක පමණ කාලයක් සිටමින් උද්ඝෝෂණකරුවන් පිටව ගියහ. බස්නැවතුම් පොළ අසල කැකිරාව කුරුණෑගල නොච්චියාගම හතරමන් හන්දියේ උද්ඝෝෂකයින් රැඳී සිටිය අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල

advertistmentadvertistment
advertistmentadvertistment