තලිබාන් අන්තවාදීන්ට එරෙහිව සටන් වදින බවට සන්නද්ධ කණ්ඩායමකින් ප‍්‍රකාශයක්

277

ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලාගෙන ඇති තලිබාන් අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා තමන්ට සටන්කාමීන් දහස් ගණනක් සිටින බව තලිබාන් විරෝධී කණ්ඩායමක් විසින් ප‍්‍රකාශ කර තිබේ.

 ඇෆ්ගනිස්තාන් ජාතික විරෝධී පෙරමුණේ විදේශ සබඳතා පිළිබඳ ප‍්‍රධානියා වන අලි නසාරි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තලිබාන් අන්තවාදීන් සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව සාමකාමී සාකච්ජා පැවැත්වීමට තම කණ්ඩායම සූදානම් බවත් එම සාකච්ජා අසාර්ථක වුවහොත් සටන් වැදීමට සූදානම් බවයි.

 මේ අතර තලිබාන් සංවිධානය පවසා ඇත්තේ ඇෆ්ගනිස්තාන් ජාතික විරෝධී පෙරමුණට අයත් ‘පන්ජ්ශිර් වැලි’ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන බලකොටුව තම සාමාජිකයන් විසින් මේ වන විට වට කර එහි සිටින සටන්කාමීන් සිය පාලනයට නතු කරගෙන ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment