තලිබාන් පාලකයෝ ඇෆ්ගනිස්ථානයේ මානව කොමිසම විසුරුවා හරිති

145

පවතින ආර්ථික අර්බුදය හමුවේ රටට අනවශ්‍ය බරක් බව පවසමින් ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් කොමිසම ඇතුළු එරට පැවති රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු පහක් විසිරුවා හැරීමට තලිබාන් රජය විසින් පියවර ගෙන තිබේ. මෙසේ විසුරුවා හැරී දෙපාර්තමේන්තු පහම ඇෆ්ගනිස්ථානයේ පැවති ඇමරිකාවේ සහය ලැබූ රජය මගින් පිහිටු වූ දෙපාර්තමේන්තු වේ.

 ඇෆ්ගනිස්ථානයේ වත්මන් මුදල් වර්ෂය සඳහා වන අයවැය පරතරය ඇෆ්ගන් ඇෆ්ගානි (එරට නිල මුදල් ඒකකය) බිලියන 44ක් වන අතර නොබෝදා තලිබාන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිය මංගල අයවැයට ද අදාළ දෙපාර්තමේන්තු පහ ඇතුළත් කර නොතිබිණි. ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී බලයට පැමිණීමෙන් පසු තලිබාන් රජය විසින් ඉදිරිපත් කර තිබූ මංගල අයවැයෙන් එරට ජාතික ආරක්ෂක මණ්ඩලය ද විසුරුවා හැර තිබේ.

 සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment