තලිබාන් පාලනය ප‍්‍රශංසා කළ ඉන්දීය මුස්ලිම් ජාතිකයන්ට නස්රුදීන් ෂාගේ විරෝධය

261

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලිබාන් අන්තවාදීන් අතට පත් වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් මුස්ලිම් ජාතිකයන් සැමරීම විවේචනයට ලක් කළ ප‍්‍රකට සම්භාව්‍ය හින්දි සිනමා නළුවෙකු වන නස්රුදීන් ෂා ට ඉන්දීය මුස්ලිම් ජාතිකයන්ගේ විරෝධය එල්ල වී තිබේ.

 වීඩියෝ පටයක් හරහා උර්දු භාෂාවෙන් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර ඇති 71 හැවිරිදි වියෙහි පසුවන ෂා පවසා ඇත්තේ ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන්ගෙන් ඇතැමෙකු මෙසේ තලිබාන් අන්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීම පිළිබඳව සතුට පළ කිරීම භයානක ප‍්‍රතිපල ඇති කළ හැකි බවයි. සිය කථාවේදී ඔහු මෙම මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රීතිය ප‍්‍රකාශ කිරීම ඉස්ලාම් ආගමේ එන ‘පැරණි ම්ලේච්ජත්වය’ පිළිබඳ සංකල්පයට සමාන කර තිබේ. ෂා ගේ මෙම ප‍්‍රකාශය දැඩි සේ විවේචනය කිරීමට ඇතැම් මුස්ලිම් ජාතිකයන් විසින් කටයුතු කර තිබේ. කෙසේ වුවද මුස්ලිම් ජාතික නළුවෙකු වන ෂා ගේ ප‍්‍රකාශය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් විසින් ප‍්‍රශංසා කර ඇති අතර මුස්ලිම් ජාතිකයන් විසින් වැඩි වශයෙන් තලිබාන් පාලනයට එරෙහිව කථා කළ යුතු බව ඔවුහු කියා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment