තලෙයිබාන්වරු කාබුල් නුවර අත්පත් කර ගැනීමට සැරසේ

809

තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් විසින් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ භූමියෙන් අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් බලය පතුරුවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 කාබුල් නුවරට කිලෝමීටර් 150 ක් දුරින් පිහිටි ගස්ති නගරය ද අත්පත් කරගෙන ඇති මෙම සන්නද්ධ කණ්ඩායම් ඉතා නුදුරේම කාබුල් නගරයද අත්පත් කර ගනු ඇතැයි වාර්තා වේ.

 තලෙයිබාන් සංවිධානය මෙලෙස ඇෆ්ගනිස්තානයේ බලය යළි අත්පත් කර ගනිමින් සිටින්නේ වසර 20 ක් එරට රැඳී සිටි ඇමෙරිකානු ඇතුළු විදේශීය හමුදාවන් ඉවත්කර ගැනීමත් සමගය.

 තලෙයිබාන්වරු සහ ඇෆ්ගන් රජයේ හමුදා අතර පවතින ගැටුම් නිසා සිවිල් වැසියන් දහස් ගණනක් අවතැන්ව සිටිති. ඔවුහු රැකවරණය පතා කාබුල් නගරයට පැමිණෙමින් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment