තලෙයිබාන් ඇමැති මණ්ඩලයේ අඩක්ම බිහිසුණු ත‍්‍රස්තයෝ

254

අභ්‍යන්තර කටයුතු ඇමැති ට‍්‍රක් රථ බෝම්බයක් තබා 150 ක් ඝාතනය කළ ත‍්‍රස්තයා බව හෙළිවේ

තාලිබාන් සංවිධානයේ නව ඇමැති මණ්ඩලයේ දස දෙනෙකුගෙන් 08 දෙනෙක් බිහිසුණු ත‍්‍රස්තවාදීන් යයි හෙළිවී ඇත.

මින් එරට නව අභ්‍යන්තර කටයුතු ඇමැති ලෙස පත්වී ඇත්තේ සිරාජ්දින් ගතානියි. ඔහුට එරෙහිව ඇමරිකාව දුටුතැන අල්ලනු නියෝගයක්ද නිකුත් කර තිබුණි.

ට‍්‍රක් රියක බෝම්බයක් තබා 150 කට අධික පිරිසක් ඝාතනය කිරීම සහ කාබුල් නුවර හෝටලයක බෝම්බ පිපිරවීම යන චෝදනා ඔහුට එල්ලවී ඇත. මෙතෙක් මෙම තලේබාන් ඇමැති මණ්ඩලය කිසිදු රටක් බිලිගෙන නැත. මේ අතර තලේබාන් ඇමැති මණ්ඩලයට නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනක්ද ඇතුළත්වී ඇත. බිහිසුණු ත‍්‍රස්තයන් 08 ක් ඇෆ්ගනිස්ථානයේ පාලනයට එක්වීම ගැන ඇමරිකාව ජෝ බයිඩන් පාලනය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment