තලෙයිබාන් තානාපති නිලධාරීන් ඉන්දීය අන්තර් ජාල පුහුණු වැඩසටහනක

128

ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබූ අන්තර් ජාල පුහුණු පාඨමාලා වැඩසටහනකට ඇෆ්ගනිස්ථානයේ තානාපති සේවයේ පිරිසක් ද සහභාගී වූ බව තලෙයිබාන් තානාපති සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මෆ්ටි නුරුල්හා අසාම් පවසයි.ඉන්දීය කළමණාකරණ ආයතනය විසින් මෙම පාඨමාලාව මෙහෙයවා ඇත. මේ සදහා තොරතුරු ඉන්දීය තානාපති කාර්යාලය මගින් ලැබී තිබුණු බව ද ඔහු සදහන් කරයි. කොවිඩ් වසංගතය නිසා තලෙයිබාන් රජය විසින් 2021 වසරේදී ක්‍රියාත්මක කළ සංචරණ පාලනයෙන් පසු පළමු වරට තලෙයිබාන් තානාපති සේවයේ පිරිසක් මෙලෙස ඉන්දියානු පුහුණු පාඨමාලා වැඩසටහනකට සහභාගී වී ඇත.මෙය අන්තර් ජාලය පමණක් මගින් අයැදුම් කළ යුතු පුහුණු පාඨමාලා වැඩසටහනකි. ශිෂ්‍යයින්ට මෙන්ම වෙනත් පාර්ශවයන් වෙතද මේ සදහා ආරාධනා කර තිබුණි. තලෙයිබාන් ජනතාවට වෙනසක් කිරීමට අවශ්‍යතාවයක් නොවූ බව ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම පාඨමාලාව මගින් ඉන්දීය ව්‍යාපාර කටයුතු, පරිසරය, සංස්කෘතිය, ඉතිහාසය සහ පරිසරය පාලනය පිළිබඳ දැනුවත් බවක් ලබාදීම සිදුකරයි. මෙම පුහුණු පාඨමාලාව ඉකුත් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත් වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment