තලෙයිබාන් බුද්ධි ප්‍රධානියෙක් ඝාතනය කරයි

161

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයෙන් ඉවත් වූ හිටපු බුද්ධි ප්‍රධානියකු මෙන්ම හසරා ෂියා සංවිධානයේ නායක මවුලවි මහදි මුජහිද් තලෙයිබාන් සංවිධානය විසින් ඝාතනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.ඉරාන දේශ සීමාවේ දී ඔහු වෙඩි තබා ඝාතනය කට බව තලෙයිබාන් රජයේ ආරක්ෂක අමාත්‍යාංශය ද සදහන් කර ඇත.ඔහු තලෙයිබාන් සංවිධානයෙන් ඉවත්ව ඉරාන වෙත පලා යාමට උත්සාහ කිරීමේදී වෙඩි තබා ඝාතනය කළ බව ද තලෙයිබාන් රජය සදහන් කරයි.පසුගිය වසරේ තලෙයිබාන් රජය පිහිටුවීමෙන් පසු මහදි බාමියාන් පළාතේ බුද්ධ අංශ ප්‍රධානියා ලෙස තලෙයිබාන් රජය පත්කර තිබුණි.නමුත් මාසයකට පසු ඔහු එම තනතුරින් ඉවත් කරන ලදි.ගල් අගුරු වෙළෙදාම සම්බන්ධයෙන් හටගත් අර්බුදයක් ගැන මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට හේතු විය.

advertistmentadvertistment
advertistmentadvertistment