1975 වසරේදී ඇමෙරිකාව වියට්නාමයේ සයිගොන් නුවර පිහිටි තම තානාපති කාර්යාල නිලධාරීන් බෙල් හෙලිකොප්ටර යොදාගෙන ඉවත්කර ගත් ආකාරය දශක දෙකහමාරකට පසුව යළි දර්ශනය වූයේ කොහිදීද? ඒ කාබුල් නුවරිනි. වසර විස්සක් තිස්සේ ඇමෙරිකාව ඩොලර් ටි‍්‍රලියන ගණනක් වැය කර සිදුකළ මෙහෙයුම් ගඟට කැපූ ඉනි මෙන් සෝදාගෙන ගොස් ඇති බව ප‍්‍රකට වූයේ ඉරිදා සවස් යාමයේ තලේබාන් සාමාජිකයෝ සිය කලෂ්නිකොව් තුවක්කු ඇෆ්ගන් ජනපති මන්දිරයේ හිටපු ජනපති අෂ්රෆ් ඝානිගේ මේසය මත තබා මහත් උජාරුවෙන් ඡුායාරූපවලට පෙනී සිටි ආකාරයෙනි. දින කිහිපයක් ඇතුළත සියල්ල වෙනස් වූයේ බටහිර ලෝකය සලිත කරමිනි. ඇමෙරිකන් පුහුණුව ආයුධ මෙන්ම වේතනය ද ලැබූ ඇෆ්ගන් හමුදා සාමාජිකයෝ කාබුල් නුවරට ඇතුළු වූ තලේබාන් සාමාජිකයන්ට එරෙහිව එක් වෙඩිල්ලක් හෝ පත්තු නොකිරීමෙන් හෙළි වන්නේ කුමක්ද? කාබුල් නුවර වසීර් ඛාන් අබ්බාස් දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලය ආරක්‍ෂා කිරීමට යළිත් වරක් ගුවන් යානා රැුසකින් සෙබළුන් එවීමට පෙන්ටගනයට සිදුවිය. මොවුන් කාබුල් නුවර හමීඞ් කාර්සායි ගුවන්තොටුපළට අවශ්‍ය රැුකවල් ලබාදී ඇමෙරිකානු තානාපති නිලධාරීන් මෙන්ම ඇමෙරිකාව වෙනුවෙන් සේවය කළ ඇෆ්ගන් ජාතිකයන්ට රටින් පිටවීමට අවශ්‍ය ආරක්‍ෂාව සලසනු ඇත. දැන් කාබුල් නුවරට පැමිණෙන ගුවන් යානා නැත. සියලූ දෙනාට අවශ්‍ය රටින් පලා යන්නටය. තැතිගත් ඇෆ්ගන් වැසියෝ කාබුල් ගුවන් තොටුපළේ එහෙ මෙහෙ දුවයන්නේ වියරුවෙන් මෙනි. කාබුල් නුවරින් පිටව යෑම සයිගොන් හා සමාන නොවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා ඇත. නමුත් මේ ප‍්‍රකාශ කරන්නේ ලැජ්ජාවෙන් බේරීම සඳහා පමණක් බව ඕනෑම අයකුට වටහා ගත හැක.
දැන් ඇමෙරිකාව සිදුකරන්නේ කාබුල් තානාපති කාර්යාලයේ රහස් ලේඛන සියල්ල ගිනි තබා පලා යෑම පමණි. එය වහා ඇමෙරකානු රාජ්‍ය ලබන බලවත් අවමානයකි. වසර විස්සකට පෙර ත‍්‍රස්ත මර්දනයට පැමිණි ඇමෙරිකාව දැන් පලා යන්නේ වඩා හොඳින් ශක්තිමත් තලේබාන් සංවිධානයට කාබුල් නුවරින් පමණයි. තලෙබාන් විනාශ කරන්නට පැමිණි ඇමෙරිකාව 2020 දී එම සංවිධානයට වඩා වැදගත් දේශපාලන අධිකාරි බලයක් ලබාදුන්නේ කටාර් නුවරදී ඔවුන් හා ගිවිසුම් ගතවීමෙනි. ඒ අනුව සැබවින්ම ඇමෙරිකාව තලේබාන්වරුන්ට පරාජය වී ඇත. ජනපති පුටුව අතහැර තජිකිස්ථානයට පලාගිය හිටපු ජනපති අෂ්රෝෆ් ඝානි පවසා ඇත්තේ කුමක්ද? තලේබාන් සංවිධානය ජයග‍්‍රහණය කර ඇත. සන්නද්ධ තලේබාන් සාමාජිකයෝ කාබුල් ජනපති මන්දිරයේ දොරට තට්ටු කරන විට අෂ්රෝෆ් ඝානිි රැුගත් ගුවන් යානය කාබුල් අහසට නැගී වේගයෙන් පියාසර කරන්නට විය. හෙලවෙන දතක් වැනි කාබුල් ආණ්ඩුව බිඳවැටීම කිසිසේත් වැළැක්විය නොහැක. පිකප් රථයෙන් පැමිණ තලේබාන් සාමාජිකයෝ කාබුල් බලය හිමිකරගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ වැඩබලන ආරක්‍ෂක ඇමැති බිස්ටිල්ලාග් ඛාන් මොහොමඞ් සිය ට්විටර් ගිණුම හරහා පලාගිය ජනපතිවරයාට දැඩි චෝදනාවක් එල්ල කර ඇත. ‘‘ඔවුන් අපේ අත්පිටුපසට බැඳලා රට විකුණුවා. ඝානි සහ ඔහුගේ සහචර නඩයට සාපවේවා’’ යනුවෙන් එහි සටහන් කර තිබිණි. ඇත්තෙන්ම කාබුල් නුවර සිවිල් ආණ්ඩුව පිටරටින් ලැබුණු ඩොලර් බිලියන ගණන් ආධාර වංචා කිරීම සාමාන්‍ය ජනයාගේ බලවත් කෝපයට හේතුවිය. එය තලේබාන්වරුන්ට ලෙහෙසියෙන් බලය අල්ලා ගැනීමට මහත් රුකුලක් වූ බව සඳහන් කළ හැකිය.
එවකට තලේබාන් නායකයා වූ මුල්ලා මන්සුර් අක්බාර් 2016 දී ඩ්‍රෝන ප‍්‍රහාරයකට ලක්ව මියයෑමෙන් පසුව හයිවකුල්ලා අකුන්සාඩා මෙම සංවිධානයේ අධ්‍යාත්මික නායකයා විය. හමුදා නායකයා වන්නේ මුල්ලා ඕමාර්ගේ පුත් මුල්ලා යකුබ්බේ ය. දැන් මේ දෙදෙනා කාබුල් නුවර පාලනය ගෙනයනු ඇත. ඉදිරියට ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව කටයුතු කරනු ඇත්තේ කෙසේද? කලාපයේ බලවතා ලෙස ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන්වරුන් අතට පත්වීමට දිල්ලි ආණ්ඩුව කිසිසේත්ම කැමැති නැත. ඇමෙරිකාව කාබුල් නුවරින් පලායෑම නිසා අතරමං වූයේ ඉන්දියාවයි. දැන් චීනය, පකිස්ථානය හා තලේබාන්වරුන් අතර එකඟතාවයක් ඇතිව තිබේ. චීන ආණ්ඩුව මීට සති කිහිපයකට පෙර තලේබාන් නායකයන්ට රතු පලස් එලා පිළිගෙන ඉදිරි කටයුතු ගැන සාකච්ඡුා කළ බව අපට මතකය. තලේබාන් සංවිධානය චීනයට ආරාධනා කර ඇත්තේ තම රටේ සංවර්ධන කටයුතු වලට සහය ලබාදෙන ලෙසයි. පෙෂාවර් සිට කාබුල් දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට දැනටමත් චීන පාලනය කැමැත්ත පළකර ඇත. කාබුල් නුවරින් ඇමෙරිකාව ඉවත්වීම නිසා ඇතිවූ රික්තය චීනය විසින් පුරවා තිබේ. තලේබාන්වරු බලයට පැමිණීම ගැන වඩාත් සතුටු වන්නේ පකිස්තාන හමුදාවයි. ඒ අනුව ඔවුන්ට කාබුල් පාලනය මෙහෙයවීමේ බලවත් හැකියාවක් ඇත. මේ නිසා වඩා වික්ෂිප්තවී ඇති ඉන්දියාව සිය තානාපති නිලධාරීන් ඉරාන ගුවන් සීමාව හරහා නැවත දිල්ලියට රැුගෙන ඒම ආරම්භ කර තිබේ.
කාබුල් සිවිල් ආණ්ඩුව පවතිද්දී ඉන්දියාවට වැඩි බලපෑමක් සිදුකළ හැකිවුවත් අද සිදුව ඇත්තේ අත පිසදා ගැනීම පමණකි. කාබුල් නුවර පාර්ලිමේන්තු ගොඩනැ`ගිල්ල පවා ඉදිකළේ ඉන්දියාව විසිනි. මෙයට තලේබාන්වරු ප‍්‍රහාර එල්ල කරයි ද යන බියක් දිල්ලි බලධාරීන්ට ඇතිව තිබේ. ඉන්දියාව ඇෆ්ගනිස්ථානයේ කළ ආයෝජන වල වටිනාකම ඩොලර් බිලියන තුනකි.
කාබුල් නුවර බලය තහවුරු කිරීමෙන් පසු තලේබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ නව ප‍්‍රහාරාත්මක මෙහෙයුම් නතර කර ඇති බවයි. මේ අතර ජර්මනිය, ප‍්‍රංශය බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් හැටක් එක්ව අත්සන් කරනු ලැබූ නිවේදනයක් මගින් කාබුල් නව පාලනයෙන් ඉල්ලා ඇත්තේ එරටින් පිටවීමට කැමැති රට වැසියන්ට ඒ සඳහා බාධා නොකරන ලෙසයි. කාබුල් මන්ත‍්‍රීවරයකු වන ෆර්සාරා කොඩා, බී බී සියට පවසා ඇත්තේ තලේබාන් ආගමනයෙන් බියට පත් වැසියන් පැන යන්නට හෝ නිවෙස් තුළ සැඟවීමට උත්සාහ කරන බවයි.
තලේබාන් පාලනය සමඟ යළිත් ලොවපුරා මුස්ලිම් අන්තවාදයට විශේෂයෙන් ජිහාඞ් යුද්ධයට නව පණක් ලැබේ. අල්කයිදාව මෙන්ම අයිසිස් සංවිධානයට ද යළි වඩා හොඳින් සංවිධානය වීමට අවශ්‍ය වටපිටාව බිහිව ඇත. එය දකුණු ආසියානු කලාපයට මෙන්ම ලෝකයටම තර්ජනයකි. මෙරට ආරක්‍ෂක අංශ ද කාබුල් නුවර සිදුවන බල හුවමාරුව ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.
– චතුර පමුණුව