තලේබාන් හමුදාවෙන් කාන්තා සංවිධාන වලට කඳුලු ගෑස් ප‍්‍රහාරයක්

259


තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා සංවිධාන කිහිපයක් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට දැරූ උත්සාහයක් කඳුලු ගෑස් භාවිතා කර වැළැක්වීමට තලේබාන් හමුදා විසින් දරන ලද උත්සාහය හේතුවෙන් කාබුල් අගනුවර ඊයේ (04දා) ප්‍රචණ්ඩකාරී තත්වයක් ඉසිලීය.

නව ආණ්ඩුව තුළදී කාන්තාවන්ට හිමි විය යුතු අයිතිවාසිකම් තමන්ටද ලබා දෙන ලෙසත් එම ආණ්ඩුවේ දී ස්ත්‍රී පක්ෂයට තීරණාත්මක වැඩ කොටසක් ඉටු කිරීමට අවශ්‍ය බවත් හඬ නගමින් කාබුල් කාන්තාවෝ මෙම උද්ඝෝෂණය දියත් කළහ.
තීරණ ගැනීමේදී පුරුෂ අක්ෂයට ඇති අයිතිය මෙන් සමාන අයිතියක් තමන්ටද හිමි යුතු බවත් දේශපාලන ජීවිතයේදී ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව අයිතිවාසිකම් හිමි විය යුතු බවත් එම අයිතිය තලේබාන්ලා විසින් උදුරා ගෙන ලැබ ඇති බවත් කාබුල් කාන්තාවෝ මෙහිදී උද්ඝෝෂණ පාඨ ප්‍රදර්ශනය කළහ .
පසුගිය සිකුරාදා සිට කාබුල් කාන්තාවන් විසින් මෙම උද්ඝෝෂණ දියත් කරමින් සිටි අතර දෙවන දින පැවැත්වූ උද්ඝෝෂණයට තලේබාන් හමුදා විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇතිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment