තලේබාන් හුරතල් කර ශ‍්‍රී ලංකාවට ඔරවයි ජිනීවා සමුළුවෙන් අමුතු ප‍්‍රතිපත්තියක්

243

තලේබාන් ත‍්‍රස්තවාදීන් 108 දෙනකු යුද අපරාධකරුවන් ලෙස නම්කිරීමෙන් වැළකී ඇති ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකු යුද අපරාධකරුවන් ලෙස නම්කර ඇත.

මෙම සැප්තැම්බර් 18 දා ජිනීවා මානව හිමිකම් 48 වැනි සැසිවාරය ආරම්භ වන අතර එහිදී තලේබාන් සංවිධානයට එරෙහිව කිසිදු වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර නොමැත.

ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් 6 ක්ද තලේබාන් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

ට‍්‍රක් රථවල බෝම්බ තබා 150 ක් මැරීම, ඇෆ්ගන් ගුවන් නියමුවන් 9 ක් ඝාතනය කිරීම, බාලිකා පාසල්වල බෝම්බ පිපිරවීම ඇතුළු බිහිසුණු ත‍්‍රස්ත කි‍්‍රියා සිදුකළ එම 10 ත‍්‍රස්ත කණ්ඩායම ඇෆ්ගන් රජයේ ප‍්‍රධානීන් වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment