තවත් ඔක්සිජන් ලීටර් 360000ක් රටින් ගෙන්වයි

718

සායනක ඔක්සිජන් ලීටර් තුන්ලක්‍ෂ හැට දහසක් (360000ක්) ආනයනය කිරීමට පෙරේදා (17 වැනිදා) රැුස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පවතින වසංගත තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතා තහවුරු කිරීම සඳහා මෙම ඔක්සිජන් තොග ආනයනය කිරීමට නියමිතය.

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් මාසිකව ඔක්සිජන් ලීටර් එක්ලක්‍ෂ විසිදහසක් ආනයනය කර ගබඩා කිරීම සඳහා මීට පෙර කැබිනට් අනුමැතිය ලබා දී තිබුණු අතර එම ප‍්‍රමාණයට අමතරව මෙම ඔක්සිජන් ලීටර් තුන්ලක්‍ෂ හැටදහසක් ආනයනය කෙරෙයි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment