තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ තිදෙනෙක් ශ‍්‍රී ලංකාවේ

124

ශ‍්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඞ් ජයමහ මහතා පැවසීය.

කොවිඞ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම තිදෙනා අතරින් එක් අයකු ටැන්සානියාවේ සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයෙකි. අනෙක් පුද්ගලයන් දෙදෙනා සුඩානයේ සිට පැමිණ ඇති ශී‍්‍ර ලාංකිකයන් බවට අනාවරණ වී තිබේ.

අවුරුදු 33, 35 සහ 47 යන වයස්වල ඔවුහු පසුවෙති. මෙම ආසාදිතයන් පසුගිය 16 වැනිදා සහ 20 වැනිදා මෙරටට පැමිණ ඇති බව ද සඳහන් වෙයි. මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව නයිජීරියාවේ සිට පැමිණ තිබුණි.

මේ දක්වා මෙරටින් හමුව ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment