තවත් කැබිනට් ඇමැතිවරුන් පිරිසක් අද (16දා) පත්වීමට නියමිත බව වාර්තා වේ.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් ඇමැතිවරු සිව්දෙනෙක් පෙරේදා (14 දා) පත්කරනු ලැබූහ.
ඒ අනුව විදේශ කටයුතු ඇමැති ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ලෙස දිනේෂ් ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ලෙස ප්‍රසන්න රණතුංග, විදුලිබල හා බලශක්ති ඇමැති ලෙස කංචන විජේසේකර යන මහත්වරු පත්ව සිටිති.
නව කැබිනට් ඇමැති මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ 20 කට අඩු පිරිසක් පත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව අද සෙසු කැබිනට් ඇමැතිවරු පිරිස පත්වනු ඇතැයි ද වාර්තා වේ.
රාජ්‍ය ඇමැතිවරුන් ගණන ද 20 ට අඩු සංඛ්‍යාවක් පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
|