තවත් කොවිඩ් මරණ 185 ක්

94

කොවිඩ් – 19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් 2915 ක් ඊයේ (08 දා) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 474,132 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් – 19 වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 1691 දෙනකු ඊයේ (08 දා) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ කොවිඞ් ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 389,969 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඞ් ආසාදිතව රෝහල්ගතව සහ නිවෙස්ගතව සිට තවදුරටත් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 71,390 කි.

එසේම කොවිඞ් – 19 වෛරසය ආසාදිතව පෙරේදා (07 දා) සිදු වූ තවත් මරණ 185 ක් ඊයේ (08 දා) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ කොවිඞ් ආසාදිතව මෙරටදී මියගිය පුද්ගලයන්ගේ සමස්ත සංඛ්‍යාව 10689ක් දක්වා ඉහළ ගිය බව ද වසංගත රෝග විiා අංශය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment