තවත් කොවිඩ් මරණ 5ක්

65

මෙරටින් පෙරේදා (16 වැනිදා) තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. මෙම මරණ අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

එක් පිරිමි පුද්ගලයෙක් වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන බවත් අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් තිදෙනා අවුරුදු 30 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් හෙළිවී ඇත. මෙම මරණ 5ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,335 දක්වා ඉහළ නැග තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment