තවත් ගෑස් නැවක් ඊයේ දිවයිනට එයි

133

තවත් ගෘහස්ථ ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් රැගත් නෞකාවක් ඊයේ (08 වැනිදා) දිවයිනට ළඟා විය.

නෞකාවේ අඩංගු ගෑස් ඊයේ මුතුරාජවෙල පර්යන්තයේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබිණි. මෙලෙස ගොඩබාන ගෑස් කොළඹ සහ ගම්පහ කේන්ද්‍ර කරගනිමින් බෙදාහරින බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය. ඊයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදුනොවූ බවද ඊයේ පැමිණි ගෑස් තොගය තවත් දින 6කට ප්‍රමාණවත් බව ද එම නිලධාරියා සඳහන් කළේය.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment